Posts

මෙඩුසා... පුරැෂ බලයට එරෙහිව

  මෙඩුසා මා ඔබට කලින් පැවසූ පියාඹන සුන්දර පෙගාසස්ට උපත ලබාදුන් පිලිකුල් සහගත සර්ප හිස් කෙස් කළඹකින් යුතු පෙගාසස් ගේ මව මෙඩූසා යනු කවුද? ග්‍රීක මිත්‍යා කථා වල මෙදූසා යනු ඉතා සුරූපි කාන්තාවක්. ඇය ඇතන්සයට අධිපති ප්‍රධාන දෙවඟන ඇතීනා දෙවගනගේ සේවයට කැපවූ දේව දාසියකි. ඈය සතුවු සුන්දර කෙස් කළඹ නිසා ඇතීනා හොරන් ඇයට ඊර්ෂ්‍යා කළා.ඇතීනා දෙවොලට ඇතැම් බැතිමතුන් පැමිණියේ සුන්දර මෙඩුසා බැලීමට. දිනක් ඇගේ රුව දුටු මුහුදු දෙවියා පොසයිඩන් ඇය පසුපස ආවා.පොසයිඩන් ඇතීනාගේ මාමා කෙනෙක් .ඇතීනා ඔහුගෙන් ඇය බේරා ගනු ඇතැයි සිතූ මෙඩුසා ඇතීනාගේ පිළිසරණ පතා දෙවොල වෙත දිව ආවා. නමුත් ඇතීනා සිතූ තරම් සාධාරණ වූයේ නෑ. දෙවොලේ දිම ඇය පොසයිඩන් විසින් දූෂණයට ලක්‍කරනවා. අවසානයේ මෙඩුසා හඩමින් අයදිමින් ඇතිනාගේ පිහිට පතනවා. නමුත් තම පතිවෘතතාව ආරක්ෂා කර නොගැනීම සම්බන්ධයෙන් ඇතීනා ඇයට දැඩි ලෙස බැන වදිනවා.ඇය ට ශාප කරනවා. ඇතීනාගේ ඊර්ෂ්‍යාවට ලක්වු ඇගේ සුන්දර කෙස් කළඹ පිළිකුල් සහගත සර්ප යින් බවට පත්කරන්නේ ඇගේ සුන්දරත්වයේන් පළිගැනිමට. ඇය ගේ සුන්දර දිගු දෑස දකින දකින මිනිසුන් ගල් රෑප බවට පත්වෙනවා.. පසුව ඇතීනා විසින්ම මෙඩුසා ...
  පෙගාසස් පියාඹන අශ්වයා කුඩා කළ   අප සුන්දර මායා ලෝකයක් වෙත ගෙන ගිය   අපූරු සතෙකි.අපේ සිහින වල මේ අපූරු සුන්දර සත්වයා රැදී සිටියේය.පියාපත් විහිදා අහසේ පිහාඹා යනු ඇතැයි අහස දෙස බලා නොසිටියේ නම් පුදුමයකි . මේ සුදු වන් පියාපත් සහිත අශ්වයා   ඔබත් මාත් ආදරය කරන අපූරු පියාඹන අශ්වයාගේ නම පෙගාසස් පෙගාසස් යනු කවුද? පියාපත් සහිත අශ්වයෙකු ලෙස නිරූපණය කර ඇති   සමහර විට සුදු , සමහර විට රත්තරන්. පැහැගත් පෙගසස්ගේ උපත පිලිබඳ සඳහන් වන්නේ ග්‍රීක පුරාවෘත්ත වල තම රූමත් බව නිසාම ඇතීනාගේ ශාපයට ලක්ව සර්ප හිස් සහිත කෙස් කළඹක් හිමි වූ රූමත් මෙඩුසා ගේත් මුහුදට අධිපති දෙවියන් වූ පොසයිඩන් ගේත් පුත්‍රයා ලෙස පෙගාසස් ව හඳුන්වනවා. මෙඩුසා ගේ දෑස් දකින අය ගල් බවට පත්වුනාලු.ඇයගේ හිස පර්සියස් විරයා විසින් සිඳ   දැමූ විට ඇ‍‍ගේ කුසේ මුහුදු දෙවියන් පොසයිඩන් ට දාව දරැ ගැබක් පිළිසිඳ ගෙන තිබින.හිස සිඳදැමූ පසු මෙඩුසාගේ බෙල්ලෙන් ගලා ආ රුධිරයෙන් දරැවන් දෙදෙනෙක් උපත ලබාතියෙනවා. ඒ පෙගසස් සහ ක්‍රිසෝර්ය මුහුදු පෙණ සමග මුසුවූ ඇගේ රැධිරයෙන් පෙගාසස් උපත ලබන විට අහසේ අකුණු හා ගිගුරැම් ඇතිවුනා. . ( ම...

ග්‍රීක මිත්‍යා කතාන්දර රස විඳිමු -ආටිමිස් ගේ පළි ගැනිම- ඇඩොනීස් ගේ මරණය

Image
    කතා සැරිය 9 ආටිමිස් ගේ පළි ගැනිම- ඇඩොනීස් ගේ මරණය   ආටෙමිස්ගේ ප්‍රියතම මිතුරක් වන හිපොලිටස්ගේ මරණයට පළිගැනීම සඳහා ආටෙමිස් විසින් ඇප්‍රොටයිටි ගේ ප්‍රියතම මනුෂ්‍ය පෙම්වතා වු ඇඩෝනිස්ව මරා දැමූ බව කියවෙනවා.ඒ දඩ‍යමේ ගිය ඇ‍ඩොනිස් ට ඇගේ වල් ඌරකු යවා පහර දී මෙන්..   ප්‍රේමයට අධිපති වීනස්ට බොහෝ ප්‍රෙමවන්තයින් සිටියා ඒ අතරන් ඇය වඩාත් ප්‍රේම කලේ මනුෂ්‍යයක් වූ ඇඩොනිස්ට. මේ කතාව පුදුමා කාරයි. සිරිහාවේ තියාස් රජු ගේ දියණිය මයිරා ඉතාම සුන්දර කාන්තාවක්. මවු රැජින ඇගේ දියණිය මයිරා ඇෆ්රොඩයිට්ට වඩා ලස්සන බව පුරසාරම් දෙඩුවා. ඊර්ෂ්‍යාවෙන් පෙළුණ දේවතාවිය ගැහැණු ළමයාට ශාප කළා , ඉතාම දුෂ්ඨ සාපයක්. ඒ ඇගේම පියා සමඟ ආදරයෙන් බැඳීමක් ඇති කර ගන්නා ලෙසට.. පියාට වංචා කරමින් මයිරා රාත්‍රී නවයක් මුළුමනින්ම අන්ධකාරය තුළ තම පියා සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වනවා.. මයිරා ට ඇඩෝනිස් පිළිසිඳ ගන්නේ එලෙස. තම දියණිය තමාව රැවටූ බව දැනගත් තියාස් ඇයව සොයා මරා දැමීමට උත්සාහ කළා.පියාගෙන් පළා යන ඇය තම ස්වරූපය වෙනස් කරන ලෙස ඇය දෙවිවරුන්ගෙන් අයැද සිටි අතර , එමඟින් ඇය මීරිම් ගසක් බවට පත් විය. ගසක ස්වරූපයෙන් හිද න...
Image
                                                              ග්‍රීක මිත්‍යා කතාන්දර රස විඳිමු කතා සැරිය 8   ආටිමිස් ...පුරුෂයන්ට අභියෝග කළ දෙවඟනකගේ කෝපය   ආටිමිස් දෙවගන ගැන කථා බොහොමයකින් මා ඇය දකින්නේ පුරුෂ බලයට අභියෝග කළ කාන්තාවක් ලෙස. තමා කෙරහි විශ්වාසවන්තයන් වෙනුවෙන් ඕනෑම දෙයක් සිදු කරන්නියක් ලෙස. ඇල්ෆියස් නම් ගංගාවේ දෙවියා ද ආටෙමිස් සමඟ ආදරයෙන් බැඳී සිටියා , , නමුත් වරක් ඇල්ෆේයස් ආටෙමිස්ගේ සහායිකාවක වූ අරෙතුසා ට අතවර කිරීමට උත්සාහ කරනවා. ආටෙමිස් දැරිය කෙරෙහි අනුකම්පා කොට ඇයව බේරාගෙන ලෙටරිනිහි ආටෙමිස් දේවාලයේ දිය උල්පතක් බවට ඇයව හරවනවා.. සිප්‍රොයිට්ස් නම් තරුණයෙක් ආටෙමිස් ස්නානය කිරීම අහම්බෙන් දුටු නිසා කෝපයට පත්වන සඳ දෙවඟන විසින් ඹහුව ගැහැණු ළමයෙකු බවට පත් කරන වා. ඇඩෝනිස් නම් වූ විනස් ගේ ප්‍රියතම ප්‍රේමවන්තයා   ආටිමිස් ගේ කෝපයට ලක් වූවෙක්.ඔහු ඇයට වඩා හොඳ දඩයම්කරුවෙකු බ...
Image
  ග්‍රීක මිත්‍යා කතාන්දර රස විඳිමු   කතා සැරිය 7   ආටිමිස් දෙවඟන හා දඩයක්කාරයාගේ ප්‍රේමය   ආටිමිස් ගේ හදවත දිනාගත්තේ ඇගේ දඩයම් සගයා වූ ඔරායොන් පමණි.ඹරායොන් සමුදුරු දෙවියා වූ පොසයිඩන්ගේ පුත්‍රයෙක්.ඔහුට ඒ නිසාම සමුදුරු රැළි මත නොගිලී යා හැකි වූවා   , . පුරාවෘත්තයට අනුව , ඔරයන් ජීවත් වූයේ දුර බැහැර දිවයිනක වන අතර , තනිකඩ වනගත ජීවිතයකට ආදරය කළා.. ඔහු රාත්‍රියේ දඩයම් කර දිවා කාලයේ නිදාගත්තා. ඔරියන් ගේ වන්දනීයත්වයට හා ගෞරවයට ලක්වූ වෙක් සිටියා- ඒ ආටෙමිස් , සඳෙහි දේවතාවිය සහ දෙවිවරුන්ගේ රජු වූ සියුස්ගේ දියණිය. පියාපත් සහිත අශ්වයන් බැඳි කරත්තයකින් රාත්‍රියට සඳ රැගෙන ආටෙමිස් නැගෙනහිර සිට බටහිරට අහස හරහා ගියා.සඳ රැගෙන යාම ඇගේ කාර්යය විය. රාත්‍රී අහසේ වලාකුළු අතරින් ඇදීයන ආටිමිස් පාළු දූපත ක තනිවී දඩයමේ යන කඩවසම් දඩයක්කාරයා ඔරියන් දුටුවා. ඇය ඔහු දුටු පමණින්ම ඔහු සමඟ ආදරයෙන් බැඳුනා. නමුත් ගැටළුවක් .ආටිමිස් කන්‍යාවක් ලෙස සිටීමට බැඳී සිටියා.මේ දෙවඟනට මනුෂ්‍යයන් සමඟ පෙම්න් බැඳීමටට නොහැකි ය. ආටෙමිස් මෙය දැන සිටියත් දඩයක්කාරයාගේ ප්‍රේමයට විරුද්ධ විය නොහැකි වූව...
Image
  ග්‍රීක මිත්‍යා කතාන්දර රස විඳිමු   කතා සැරිය 6   ආටිමිස්- දඩයමේ දෙවඟන   සියුස් ගේ ප්‍රියතම දියණියක් වන ආටෙමිස් වනයට හා දඩයමට අධිපතිනියයි.එමෙන්ම ඇය   දරුප්‍රසූතියට අධිපතිනියද වූවා.රෝම වරු ඩයනා ලෙස හඳුන්වන සඳ දෙවඟන ද ඇයයි.තම පියාගේ දණහිස මත හිඳගෙන සිටියදී , ඇයට ප්‍රාර්ථනා දහයක් ලබා දෙන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියා. සැමවිටම කන්‍යාවක් ලෙස සිටීම ඉන් ප්‍රධාන වූවා. ආටිමිස් දෙවඟන ගේ සියලු සේවිකාවන් ද කන්‍යාවන් ආටෙමිස්ගේ පෞරුෂත්වයේ හා පූජනීයත්වයේ වැදගත් අංගයක් වූයේ ඇගේ කන්‍යාභාවයයි. එය දරු ප්‍රසූතියට සම්බන්ධ දේවතාවියක් ලෙස ඇයගේ භූමිකාවට පටහැනි බව ක් පෙනෙනවා. ආටෙමිස් කන්‍යා දේවතාවියක් ලෙස සැලකීම දඩයම්කරුවෙකු ලෙස ඇයගේ   භූමිකාවට සම්බන්ධ වන්නට ඇත. සාම්ප්‍රදායිකව දඩයම්කරුවන් දඩයමට පෙර ලිංගික ඇසුරෙන් වැළකී සිටියේ චාරිත්‍රානුකූලව පාරිශුද්ධභාවයේ ස්වරූපයක් ලෙසයි . ඇගේ   නිර්භයත්වය සාමාන්‍ය සාම්ප්‍රදායික   කාන්තා ලාලිත්‍ය ට අභියෝග කරනවා. ආටෙමිස් වන්දනය ඉස්මතු වූ පුරාණ ග්‍රීක සංස්කෘතික සන්දර්භය තුළ කන්‍යාභාවය විවාහයට පූර්වාවශ්‍යතාවක් බවත් විවාහක කාන්...