ග්‍රීක මිත්‍යා කතාන්දර රස විඳිමු


කතා සැරිය 8

 

ආටිමිස් ...පුරුෂයන්ට අභියෝග කළ දෙවඟනකගේ කෝපය

 

ආටිමිස් දෙවගන ගැන කථා බොහොමයකින් මා ඇය දකින්නේ පුරුෂ බලයට අභියෝග කළ කාන්තාවක් ලෙස.

තමා කෙරහි විශ්වාසවන්තයන් වෙනුවෙන් ඕනෑම දෙයක් සිදු කරන්නියක් ලෙස.

ඇල්ෆියස් නම් ගංගාවේ දෙවියා ද ආටෙමිස් සමඟ ආදරයෙන් බැඳී සිටියා, , නමුත් වරක් ඇල්ෆේයස් ආටෙමිස්ගේ සහායිකාවක වූ අරෙතුසා ට අතවර කිරීමට උත්සාහ කරනවා. ආටෙමිස් දැරිය කෙරෙහි අනුකම්පා කොට ඇයව බේරාගෙන ලෙටරිනිහි ආටෙමිස් දේවාලයේ දිය උල්පතක් බවට ඇයව හරවනවා..

සිප්‍රොයිට්ස් නම් තරුණයෙක් ආටෙමිස් ස්නානය කිරීම අහම්බෙන් දුටු නිසා කෝපයට පත්වන සඳ දෙවඟන විසින් ඹහුව ගැහැණු ළමයෙකු බවට පත් කරන වා.

ඇඩෝනිස් නම් වූ විනස් ගේ ප්‍රියතම ප්‍රේමවන්තයා  ආටිමිස් ගේ කෝපයට ලක් වූවෙක්.ඔහු ඇයට වඩා හොඳ දඩයම්කරුවෙකු බවට වූ පුරසාරම් දෙඩීමට නිසා ඊට දඩුවමක් ලෙස  ඔහුව මරා දැමීමට ආටිමිස් වල් ඌ රෙකු යවනවා.

ආටෙමිස්ගේ ප්‍රියතම මිතුරක් වන හිපොලිටස්ගේ මරණයට පළිගැනීම සඳහා ආටෙමිස් විසින් ඇප්‍රොටයිටි ගේ අනියම් පෙම්වතා වු ඇඩෝනිස්ව මරා දැමූ බව තවත් කතාවකින් කියවෙනවා..

 

හිපොලිටස් ගේ කතාව

 

හිපොලිටස් යනු  තීසියස් රජු (තීසියස් මුහුදු දෙවියා වන පොසයිඩන්ගේ පුත්‍රයෙක්)ගේ හා හිපොලිටා ගේපුත්‍රයා. ඹහු දක්ෂ දඩයම්කරුවෙකු මෙන්ම ක්‍රීඩකයෙකි. ඔහු ලිංගිකත්වය හා විවාහය ප්‍රතික්ෂේපප කලා.  ඔහු කන්‍යා දඩයම්කාරිය වන ආටෙමිස්ට ඉතා බැතිමත්ව ලෙස නමස්කාර කරන අතර ප්‍රේමය හා විවාහයේ දෙවඟන වූ ඇප්‍රොඩයිට ගෞරව කිරීම ප්‍රතික්ෂේප කරා. මෙම නොසලකා හැරීම නිසා කෝපයට පත් ඇප්‍රොඩයිට්, හිපොලයිටස්ගේ පියාගේ දෙවන බිරිය වන සුළු මව වන ෆේඩ්‍රාට ඔහු  සමඟ ආදරයෙන් බැඳීමට ශාපයක් කරනවා.

නමුත් හිපොලිටස් ෆේඩ්‍රාගේ ප්‍රේමය දැඩිලෙස ප්‍රතික්ෂේප කරනවා. ප්‍රේඩා ඹහු කෙරහි උමතුවෙන් දිවි නසා ගන්නවා.එහි වරද හිපොලිටස් ගේ බව සඳහන් කරමින් ඇය රජුට හසුනක් ලියා තබනවා.


හිපෙලිටස්ගේ පියා සිතන්නේ ප්‍රේඩා හා සිය පුතා අතර අනියම් ඇසුරක් තිබූ බවයි.

කෝපයට පත් ඔහුගේ පියා වන තීසස් රජ මුහුදු දෙවියා වන පොසෙයිඩන් ගේ උපකාරය ඇතිව හිපොලිටස් ව පිටුවහල්  කරනවා. 

මාලිගාවෙන්  ගිය හිපොලයිටස්ගේ අශ්වයන් බිය ගැන්වීම සඳහා ඇප්‍රොඩයිටි ගේ මග පෙන්වීමෙන් පොසෙයිඩන් මුහුදු රාක්ෂයෙකු යවනවා.බියට පත්වන අසුන් පාලනය කළ නොහැකි තත්වයට පත් වී ඔහු අස් කරත්තයේ එළියට ඇද වැටෙනවා.

මේ සිදුවිම දැනගන්නා ආටෙමිස් ෆේඩ්‍රා බොරු කියූ බව තේසස්ට පැවසීමෙන් හිපොලයිටස් ගේ නිදොස් බව පවසනවා. ඔහුගේ පුත්‍රයා නිර්දෝෂී බවත්, මියගිය පේඩා විසින් බොරු කී බවත් පැහැදිලි කළත් අවසාන වරද ඇෆ්රොඩයිට් සතු විය යුතු බව ද ඇය පැහැදිලි කළා. 

හිපොලයිටස් මිය යන මොහොතේ, ආටෙමිස් ඇෆ්‍රොඩයිට්ගෙන් පළිගන්නා බවට පොරොන්දුවක් වෙනවා, ඒ ලෝකයේ ඇෆ්‍රොඩයිට් වඩාත් ආදරය කරන මිනිසා මරා දමන බවට ..... අවසන  හිපොලයිටස් තම පියාගේ චෝදනා වලින්  නිදහස් වී අවසානයේදී මිය යනවා.

ආටෙමිස් මිය යන හිපොලිටස්ව සනසන්නේ ඔහුගේ නිදොස් බවේ කථාව පුරාවෘත්තයක් කරවන බවට පොරොන්දුවක් ලබා දෙමින් .ඔහු මිනිසුන්ගේ මතකය තුළ සදහටම ජීවත් කරවීමට ආටෙමිස් ප්‍රතිඥා දෙනවා. ආගමික ගීතයකින් හිපොලිටස්ගේ කතාව පැවසීමේ කාර්යය ඇය ට්‍රොසීනියානු තරුණියන් කණ්ඩායමක් වෙත පවරනවා.අදටත් මේ කථාව එම ආගමික ගීතිකා වලින් කියවෙනවා...

 එපමණක් නොවෙයි. පසුකාලිනව යුරිපිඩිස් නම් ශ්‍රේෂ්ඨ ග්‍රීක නාට්‍ය කරුවා විසින් හිපොලිටස් ගේ කථාව විශිෂ්ඨ ශෝකාන්ත නාට්‍යයක් බ වට පත්කරනු ලැබුවා.

මේ  පිටර් පෝල් රෑබනස් බැර‍ොක් යුගයේ සිටි විශිෂ්ඨ චිත්‍ර ශිල්පියා විසින් අදින ලද හිපොලටිස්  අසු පිටින් ඇද වැටෙන අයුර...............

Comments

Popular posts from this blog

ග්‍රීක මිත්‍යා කතාන්දර රස විඳිමු -ආටිමිස් ගේ පළි ගැනිම- ඇඩොනීස් ගේ මරණය