ග්‍රීක මිත්‍යා කතාන්දර රස විඳිමු

 

කතා සැරිය 5

 

හිරු දෙවියන් හා සඳ දෙවඟන ගේ උපත

 

සෑම පුරාතන ශිෂ්ඨාචාරයකම හිරු හා සඳු දේවත්වයෙන් සලකා වන්දනාමාන කළ බව දකින්නට පුළුවන්.ග්‍රීකයන්ද එසේමයි.

ග්‍රීකයන් සූර්ය දේවතාවා ලෙස සලකන්නේ ඇපලෝ .රන්වන් කෙස් කළඹකින් යුතු ඇපලෝ ‍තාරුණ්‍යයෙන් පිරි කඩවසම් තරුණයෙක් ලෙස නිරූපණය කරනවා .ඔහු සියුස් මහ දෙවියාගේ එක් ප්‍රියතම පුත්‍රයෙක්.සූර්යාට අධිපති මෙන්ම සංගීතය,කලාවන්,දැනුම,සුවපත් කිරීම,වසංගත රෝග හා අන්ධකාරය,අනාවැකි පල කිරීම,,පාරිශුද්ධත්වය හා පුරුෂ ලක්ෂණ වලට අධිපති දෙවියා ලෙස ද සැලකෙන්නේ ඇපලෝය.

ඹහුගේ නිවුන් සොයුරිය ආටිමිස් සද දෙවඟනයි. ඇය ප්‍රධාන වශයෙන්ම දඩයමට හා වනයට හා වන සතුන්ට මෙන්ම දරු ප්‍රසූතියට අධිපති ග්‍රීක දෙවඟන ලෙසද සැලකෙනවා

ඇපලෝ හා ආටිමිස් ගේ උපත පිළිබඳ ග්‍රීක පුරාවෘත්ත වල සඳහන් වෙන්නේ මෙලෙසයි..

දෙවිවරුන්ගේ රජු වූ සියුස්ගේ ප්‍රියතම ආදරවන්තිය වූ ලෙටෝ ඇපලො හා ආටිමිස්ගේ ගේ මව වනවා. ලෙටෝ ටයිටන් වරයකු වන කෝයස් සහ ෆෝබිගේ දියණියයි.

 ලෙටෝ ඉතා කාරුණික හා ආදරණීය හදවතක් ඇති තැනැත්තියක්.නමුත් සියුස්ගේ බිරිඳ හේරා විසින් තම ස්වාමිපුරුෂයා පොළඹවා ගත් බව කියමින් ඇයට වෛර කළා.සියුස් ගෙන් ලෙටෝ වෙන් කිරීමට විවිධ කුමන්ත්‍රණ කළා.ඉතින් ලෙටෝ ගැබ්ගත්බව හේරා දැනගත් විට ඉතා කෝපයට පත් වුනා.දෙව් ලොවේ මහ රැජිනට කළනොහැක්කේ කුමක්ද? ඇය ලෙටෝ පව්කාර ස්ත්‍රියක් ලෙස නම් කර ඇයව පිටුවහල් කරනවා.ඇයට රැකවරණය දීම සඳහා හිරු යට පොළවේ මත කිසිදු ස්ථානයක් ලබා ගත නොහැකි බව නියෝග කළා.. දරු ප්‍රසූතියේ දේවතාවිය වන හේරාගේ  දියණියක් වු  අයිලෙතියියා ට  ලෙටෝ ප්‍රසූතිය වේදනා කාරී කරවන වන ලෙස නියෝග කළා.ඇය ලෙටෝ ගේ ප්‍රසූතිය වැළැක්වෙන ලෙසදරු ගැබ සිර කිරිමට කටයුතු කලා. මේ අතර ලෙටෝ සොයා විනාශ කිරීමට පයිතන් නම් දරැණු පිඹුරෙක් ද හේරා විසින් එවනවා

 

මහ දෙවියා වුවත් සියුස් ට හේරා ට එරෙහි ව කළහැක්කක් නම් තිබුනේ නැහැ.

, හේරාගේ අණ නිසා ග්‍රීසියේ කිසිදු තැනක්  ලෙටෝට රැකවරණය සැපයීමට කැමැත්තක් නැති බවක් පෙනෙන්නට තිබුණා, එබැවින් ඇය මංමුලා සහගතව  ඉලක්ක රහිතව ඉබාගාතේ යන්නට වුනා. නමුත් අවසානයේදී, සියුස් විසින් ලෙටෝව  "ඇස්ටීරියා"  නම් කුඩා සයික්ලැඩික් දූපතක් වෙත පා කර යැවීමට උතුරැ සුළඝේ දෙවියා වන ‍බොරියොස් ගේ සහය ලබා ගත්තා.

මෙම දූපත රළ පහරින් එසවෙමින් හා සුළඟින් මුහුදේ පා වෙන  ස්ථාවර ස්ථානයක් නොතිබුණ කුඩා දූපතක්.එනිසා හේරා ගේ අණ එයට බලපෑවේ නැහැ.එයඅසරණ කාන්තාව පිළිගැනීමට සූදානම් වුනා. ලෙටෝ දූපතේ පදිංචි වූ විට, දූපත ස්ථාවර බවට පත් වූ අතර එහි නම "ඩෙලෝස්" ලෙස වෙනස් වූවා.

.ලෙටෝ ඇගේ දරුවන් බිහිකිරීමට- දින නවයක් හා රාත්‍රී නවයක් , දැඩි වේදනාවකින් පෙළෙනවා, දහවන දින ඇය කුඩා වැවක් අසලට ගොස්,  ගසකට හේත්තු වී, ඇගේ බඳ පටිය ලිහිල් කරා.

වනය හා දඩයමට අධිපති ග්‍රීක දේවතාවිය වන ආටෙමිස්ගේ උපත සිදුවූයේ එවිටයි.

ආටෙමිස් පසුව ඇගේ නිවුන් සොයුරා වූ වන ඇපලෝව බිහි කිරීම සඳහා වින්නඹුවක ලෙස කටයුතු කළා. මේ හේතුව නිසා ඇය දරු ප්‍රසූතියේ නව දේවතාවිය ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවේ හේරාගේ දියණිය එලිතියියාට තිබූ ස්ථානය ලබාගනිමින්.

මේ දරුවන් දෙදෙනා ඉතා බලවත්ව ශක්තිසම්පන්නව හා වේගයෙන් වැඩෙනවා.ඔවුන් තම මවගේ ආරක්ෂාව මෙන්ම නැතිවූ ගෞරවය නැවත ලබා දීමට ක්‍රියා කරනවා .ඇපලෝ පයිතන් මරා දමන්කේ ඔහුගේ වයස අවුරුදු 4 දි.මේ බලවත් දේව දරුවන් දෙදෙනා ගේ වික්‍රමයන් නිසා  සියුස් හේරාගේ විරෝධය නොසලකා ලෙටෝ නැවත් ඔලිමිපස් කන්දට කැඳවා ගන්නවා.ඇපලෝ හා ආටිමිස් සියුස්ගේ ප්‍රියතම දරුවන්.කෙ‍සේ වෙතත් ලෙටෝ වැඩි වශයෙන් ආටමිස් සමග දඩයමේ යාමට වනගත ව සිටි මට රුචි වුනා. ලෙටෝ පසුව ඹලිමිපියානු දේවතාවියක් වන අතර ඇය මාතෘත්වයට අධිපති දෙවඟන ලෙස සලකනවා.

මේ අපූරු කතාන්දර වල චරිත අතිශය සුන්දර කලා නි්මාණ බවට පත්වී ඇති ආකාරය විස්මිතයි.

 



Comments

Popular posts from this blog

ග්‍රීක මිත්‍යා කතාන්දර රස විඳිමු -ආටිමිස් ගේ පළි ගැනිම- ඇඩොනීස් ගේ මරණය