පෙගාසස්
පියාඹන අශ්වයා කුඩා කළ අප සුන්දර මායා ලෝකයක් වෙත ගෙන ගිය අපූරු සතෙකි.අපේ සිහින වල මේ අපූරු සුන්දර
සත්වයා රැදී සිටියේය.පියාපත් විහිදා අහසේ පිහාඹා යනු ඇතැයි අහස දෙස බලා නොසිටියේ
නම් පුදුමයකි . මේ සුදු වන් පියාපත් සහිත අශ්වයා ඔබත් මාත් ආදරය කරන අපූරු පියාඹන අශ්වයාගේ නම
පෙගාසස්
පෙගාසස් යනු කවුද? පියාපත් සහිත අශ්වයෙකු
ලෙස නිරූපණය කර ඇති සමහර විට සුදු, සමහර විට
රත්තරන්. පැහැගත් පෙගසස්ගේ උපත පිලිබඳ සඳහන් වන්නේ ග්‍රීක පුරාවෘත්ත වල
තම රූමත් බව නිසාම ඇතීනාගේ ශාපයට ලක්ව සර්ප
හිස් සහිත කෙස් කළඹක් හිමි වූ රූමත් මෙඩුසා ගේත් මුහුදට අධිපති දෙවියන් වූ
පොසයිඩන් ගේත් පුත්‍රයා ලෙස පෙගාසස් ව හඳුන්වනවා. මෙඩුසා ගේ දෑස් දකින අය ගල් බවට
පත්වුනාලු.ඇයගේ හිස පර්සියස් විරයා විසින් සිඳ දැමූ විට ඇගේ කුසේ මුහුදු දෙවියන් පොසයිඩන් ට
දාව දරැ ගැබක් පිළිසිඳ ගෙන තිබින.හිස සිඳදැමූ පසු මෙඩුසාගේ බෙල්ලෙන් ගලා ආ
රුධිරයෙන් දරැවන් දෙදෙනෙක් උපත ලබාතියෙනවා. ඒ පෙගසස් සහ ක්රිසෝර්ය මුහුදු පෙණ
සමග මුසුවූ ඇගේ රැධිරයෙන් පෙගාසස් උපත ලබන විට අහසේ අකුණු හා ගිගුරැම් ඇතිවුනා..
( මේ කතාව ලියන විට මට මතක් වුනේ ඉසුරැමුණි කැටයමක්. මිනිසා සහ
අශ්ව හිස-නැත්නම් පර්ජන්‍ය හා අග්නි.අශ්ව හිස මගින් අග්නි -විදුලිය හා අකුණු නිරූපනය කරන බව පවසනවා. මේ කැටයම ග්‍රීසියේ
තිබුනා නම් මේ ඉන්නේ සියුස් හා පෙගාසස් වෙන්න තිබුනා.කොහොම වුනත් හැම සංස්කෘතියකම
දෙවිවරැ කියන්නේ දේවත්වය ආරෝපණය කරපු ස්වභාවිකත්වය.ඒක ගැන අපි පස්සේ හිතමු.)
.
සියුස් වෙත ගිගුරුම් ගිගුරුම් සහ අකුණු ගෙන ඒම කාර්යය භාර වුනේ පෙගසස්ට .සියුස් වෙත යන විට සුළි සුළං විසින් නිර්මාණය කරන ලද ගිගුරුම් බොහෝ විට රැගෙන ගියේ පෙගසස් ය.
ග්‍රීක පුරාවෘත්තවල, ට අනුව හෙලිකන් කන්දේ පූජනීය දිය උල්පත් නිර්මාණය වී ඇත්තේ පෙගාසසගේ කුර පහරිනි. ඔහු කඳුකරයේ ජීවත් වුනා. ඔහු සුළඟේ වේගයෙන් පියාසර කළා පෙගසස්ට එක් කුර පහරක් බිම හෙළීමෙන් දියඋල්පත් මතු කළ හැකිවුනා.
පෙගසස් කාව්‍ය කලාව සමඟ සම්බන්ධ වුනා. එක් කතාවකින් ඇතීනා දේවතාවිය ඔහු හීලෑ කර මියුසස් තෙ තෑගි කලා. සියුස් සහ මෙනෙමොසින්ගේ මෙම දියණියන් නව දෙනා සංගීතය හා කවි ඇතුළු කලාවන් නියෝජනය කරන දේවතාවියන්.
පෙගසස් සහ මියුසස් පිළිබඳ එක් විශේෂ කතාවක් ඇත. පියරේස් රජුගේ දියණිය වන පියරේඩ්ස් සමඟ මියුසස් ගායන තරඟයක් පැවැත්වූ අවස්ථාවේදී මියුසස්ගේ ගීතය කොතරම් හොඳද යත්, ඔවුන් සිටගෙන සිටි කන්ද වන හෙලිකන් කන්ද මෙම ගායනා නිසා විශාල වන්නට විය. කඳුකරයේ ඉදිමීම සමනය කිරීම සඳහා පොසෙයිඩන් පෙගසස්ට හෙලිකන් කන්ද තරණය කරන ලෙස නියෝග කළා. පෙගසස්ගේ කුර පහරින් දිය උල්පත නිර්මාණය විය, එම උල්පත හිපොක්රීන් ලෙස නම් කරන ලදී.අදටත් ග්‍රීසියේ මේ පූජනීය හිපොක්රින් උල්පත දකින්නට තියෙනවා. එහි අර්ථය "අශ්වයාගේ දිය උල්පත
පුරාණ ග්‍රීසිය අවට වෙනත් පූජනීය උල්පත් නිර්මාණය කිරීම පෙගසස් ස්පර්ශ වන විට සිදු වූ බව කියනවා. ".
.
ග්‍රීක
පුරාවෘත්තයේ, පෙගසස් ප්‍රසිද්ධ වී ඇත්තේ බෙලරොෆොන් වීරයා
ගේ වික්රමයට උපකාර කළ බැවින්.පුරාණ යුගයේ ගිනි හුස්ම ගන්නා රාක්ෂයා වන චයිමේරා මරා
දෑමීමට බෙලරොෆොන්ට පැවරී තිබුණා. චයිමේරාට අහසේ සිට පහර දිය හැකි නම් එම කාර්යය
වඩාත් පහසු වනු ඇති බව බෙලරොෆොන් සිතුවා.
පෙගසස් ඔහුට උපකාර විය. මේ හා බැඳුන දිගු කතාවක් ඇතත් එය පසුවට කීමට තබා ගන්නවා.චයිමේරා
නමැති නපුරු සත්වයා මරා දැමූ පසුව බෙලරොෆොන්ට ගේ කීර්තිය වර්ධනය වූනා. ඔහුගේ
අහංකාරයද වැඩි විය. ඔලිම්පස් නම් දෙවිවරුන් සිටි කන්දට පියාසර කිරීමටත් පෙගසස් සමඟ ගමන් කිරීමටත්
ඔහු සුදුසු බව ඔහු විශ්වාස කළා. නමුත් සියුස් ඔහු ගේ මෙම අහංකාර සිතුවිල්ල නිසා
කෝපයට පත් වූ නා. ඹහුගේ පැමිණීම වැලැක්වීමට උලායක් යෙදුවා. වේගයෙන් සුරලොව වෙත
පියාඹා එන පෙගසස්ට දෂ්ට කිරීමට ඇටමැස්සකු යැවුවා.අශ්වයා වේදනාවෙන් ඇඹරිණා.
බෙලරොෆොන්ට ඔහුගේ අශ්වයාගේ පාලනය නැති වී නැවත පෘථිවියට වැටුණා... ඇතීනා ඔහු බිම
වැටෙන කොට භූමිය මෘදු කිරීම මගින්
බෙලරොෆොන්ගේ ජීවිතය බේරා ගත් බව කියනවා. කෙසේවෙතත්, මේ ශ්‍රේෂ්ඨ
වීරයා තම ඉතිරි ජීවිතය කොර ගසමින් අන්ධව හා තනිකමින් ගත කරමින් සැමවිටම තම ආදරණීය
පියාපත් සහිත අශ්වයා සොයමින් සිටියාලු. පෙගසස් දිගටම තනිවම පියාසර කරමින් ඔලිම්පස්
වෙත ළඟා වූනා. එහිදී සියුස් ඔහුව පිළිගත්තා. පෙගසස් සියුස්ගේ පක්ෂපාත අශ්වයා බවට
පත්වුනා. එතැන් පටන් ඔහු සියුස් වෙනුවෙන් අකුණු හා ගිගුරුම් ප්‍රවාහනය කරනවා,එයට ගෞරවයක්
ලෙස සියුස් ඔහුගේ රූපය රාත්‍රී අහසේ පියාපත් සහිත අශ්වයාගේ තාරකා මණ්ඩලයේ තැබු බව
කියවෙනවා.
අදටත්
උතුරැ අහසේ මෙම තාරකා මණ්ඩලය ක්ෂිතිජයට පහළින් පිහිටා තිබෙනවා දකින්න පුලුවන්.ඇන්ඩ්‍රොමීඩා ගැලැක්සි වැනි ප්‍රසිද්ධ
ගැඹුරු අහස වස්තූන් සොයා ගැනීම සඳහා මග පෙන්වීමක් ලෙස තාරකා විද්‍යා යින් විසින්
පෙගසස් තාරකා විද්‍යාවේ මහා චතුරශ්‍රය භාවිතා කරනවාපෙයනු රාත්‍රී අහසේ වර්ග අංශක
1,200 කට ආසන්න ඉඩ ප්‍රමාණයක් ගන්නා හත්වන විශාලතම තාරකා මණ්ඩලය වන අතර අක්ෂාංශ +
90 ° සහ -60 අතර පිහිටා ඇත.
පියාපත් සහිත අශ්වයකු ලෙසය අර්ධ දේවත්වයකින්
යුතු පෙගසස් සියවස් ගණනාවක සිට කලාලෝකයේ එක් ආදරණීය සත්වයකු විය. කලාකරුවන් සහ මූර්ති
ශිල්පීන් බොහෝ විට තේජවත් පියාපත් සහිත අශ්වයෙකු නිරූපණය කෙරින. පුංචිත්තන්ගේ
කාටුන් වල පෙගාසස් මොන තරම් ආදරණිය චරිතයක් වුනාද?
ඹන්න ඉතින් තරමක්
දිග වුනත් මේ ලස්සන පියාඹන අශ්වයාගේ කථාව නොකියා ඉන්නම බැරි වුනා.හැබැයි මේ කතාන්දරය
මම ගොතපු එකක් නම් නෙවෙයි.
පහළ තියෙන පින්තූර
වල ඉන්නේ සුන්දර පෙගාසස්
සර්ප කොණ්ඩ
මෙඩූසා. පෙගාසස් ගේ මව
ඒ වගේම පරණ ර්ගිකසිතුවම්වල වල පෙගාසස් ඇඳලා තියෙනවා.
හෙලිකන් කන්දේ පූජනීය
හිපොක්රින් උල්පත. චිත්රයෙන් පෙන්නන්නේ උල්පත අසල සංගීත ය විඳින පෙගාසස්ගේ
මිතුරු මියුස් දෙවඟනන්.
ඒ
වගේම වතුර මල් ලස්සන කරන්න අශ්ව රෑප යොදල තියෙන්නේ ඇයි කියලා දැන් හිතාගන්න
පුළුවන් ද?
Comments
Post a Comment