ග්‍රීක මිත්‍යා කතාන්දර රස විඳිමු

 

කතා සැරිය 6

 ආටිමිස්- දඩයමේ දෙවඟන

 

සියුස් ගේ ප්‍රියතම දියණියක් වන ආටෙමිස් වනයට හා දඩයමට අධිපතිනියයි.එමෙන්ම ඇය  දරුප්‍රසූතියට අධිපතිනියද වූවා.රෝම වරු ඩයනා ලෙස හඳුන්වන සඳ දෙවඟන ද ඇයයි.තම පියාගේ දණහිස මත හිඳගෙන සිටියදී, ඇයට ප්‍රාර්ථනා දහයක් ලබා දෙන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියා.

සැමවිටම කන්‍යාවක් ලෙස සිටීම ඉන් ප්‍රධාන වූවා. ආටිමිස් දෙවඟන ගේ සියලු සේවිකාවන් ද කන්‍යාවන්

ආටෙමිස්ගේ පෞරුෂත්වයේ හා පූජනීයත්වයේ වැදගත් අංගයක් වූයේ ඇගේ කන්‍යාභාවයයි. එය දරු ප්‍රසූතියට සම්බන්ධ දේවතාවියක් ලෙස ඇයගේ භූමිකාවට පටහැනි බව ක් පෙනෙනවා. ආටෙමිස් කන්‍යා දේවතාවියක් ලෙස සැලකීම දඩයම්කරුවෙකු ලෙස ඇයගේ  භූමිකාවට සම්බන්ධ වන්නට ඇත. සාම්ප්‍රදායිකව දඩයම්කරුවන් දඩයමට පෙර ලිංගික ඇසුරෙන් වැළකී සිටියේ චාරිත්‍රානුකූලව පාරිශුද්ධභාවයේ ස්වරූපයක් ලෙසයි .

ඇගේ  නිර්භයත්වය සාමාන්‍ය සාම්ප්‍රදායික  කාන්තා ලාලිත්‍ය ට අභියෝග කරනවා.

ආටෙමිස් වන්දනය ඉස්මතු වූ පුරාණ ග්‍රීක සංස්කෘතික සන්දර්භය තුළ කන්‍යාභාවය විවාහයට පූර්වාවශ්‍යතාවක් බවත් විවාහක කාන්තාවක් තම ස්වාමිපුරුෂයාට යටත් වන බවත් කියා සිටියා නමුත් ආටෙමිස්ගේ කන්‍යාභාවය හා අවිවාහක බව ඇගේ බලය හා ස්වාධීනත්වය නිරූපනය කරනවා. කෙසේ වෙතත්, පසුකාලීන සමහර ග්‍රීක ලේඛකයින් ආටෙමිස්ව සමලිංගිකත්වය  හා ස්ත්‍රී පුරුෂ සම්මත පේ්‍රමය නිරෑපණය කරන ඇප්‍රොඩයිට ප්‍රතිවිරුද්ධ බලයක් ලෙස සැලකූවා.ඇය බොහෝ විට ප්‍රේමයේ දෙවඟන ඇප්‍රොඩයිට් ට එරෙහි වනවා

ආටිමිස් පියා වන සියුස්ගෙන් ඉල්ලූ අනෙකුත් වරයන් වූයේ

ඇගේ සහෝදරයා වන ඇපලෝ වෙතින් ඇයව වෙන් කිරීමට ඇය බොහෝ නම් භාවිත කිරීම

 සයික්ලොප්ස් නම් ඒකැස් යෝධයා විසින් සාදන ලද රන්වන් දුන්න හා ඊතලය ලබා ගැනීම

ආලෝකය ගෙන එන්නියක වීම

ඇයට දඩයම් කිරීමට හැකි වන පරිදි කෙටි,ඇඳුමක් ඇඳීම

"ඔකියානෝස්ගේ කුඩා දියණියන්" හැට දෙනා ඇගේ ගීතිකා ගැයීමට ලබා ගැනිම

නිම්ෆස් ලා (ඇම්නිසයිඩ් ගංගා දෙවියන්ගේ දියණියන්) ඇගේ සේවිකාවන් ලෙස හා දඩයම් බල්ලන් බලා ගැනිම

තබා ගැනිම හා  සියලු කඳු පාලනය කිරීමට

ඕනෑම නගරයක සැරිසැරිම හා දරු උපත කදි  මව්වරුන් කැඳවූ විට ඹ්නෑම තැනකට යාම

දරු ප්‍රසූතියේ වේදනාවන්ට ලක්වන කාන්තාවන්ට උපකාර කිරීමේ හැකියාව යි............

ඇගේ සංකේත අතර රන් දුන්න සහ ඊතලය, දඩයම් බල්ලා, මුවා ඌරා ගිනි කුකුළා සහ සඳ දක්නට ලැබෙනවා.

සුන්දර ආටෙමිස් කෙරෙහි බොහෝ දෙවිවරුන් හා මිනිසුන් උනන්දුවක් දැක්වූ බව කියවෙනවා.


Comments

Popular posts from this blog

ග්‍රීක මිත්‍යා කතාන්දර රස විඳිමු -ආටිමිස් ගේ පළි ගැනිම- ඇඩොනීස් ගේ මරණය