ග්‍රීක මිත්‍යා
කතාන්දර රස විඳිමු
කතා සැරිය 7
ආටිමිස් දෙවඟන
හා දඩයක්කාරයාගේ ප්‍රේමය
ආටිමිස් ගේ
හදවත දිනාගත්තේ ඇගේ දඩයම් සගයා වූ ඔරායොන් පමණි.ඹරායොන් සමුදුරු දෙවියා වූ
පොසයිඩන්ගේ පුත්‍රයෙක්.ඔහුට ඒ නිසාම සමුදුරු රැළි මත නොගිලී යා හැකි වූවා ,.
පුරාවෘත්තයට
අනුව, ඔරයන් ජීවත්
වූයේ දුර බැහැර දිවයිනක වන අතර, තනිකඩ වනගත ජීවිතයකට
ආදරය කළා.. ඔහු රාත්‍රියේ දඩයම් කර දිවා කාලයේ නිදාගත්තා. ඔරියන් ගේ වන්දනීයත්වයට හා
ගෞරවයට ලක්වූ වෙක් සිටියා- ඒ
ආටෙමිස්, සඳෙහි
දේවතාවිය සහ දෙවිවරුන්ගේ රජු වූ සියුස්ගේ දියණිය.
පියාපත් සහිත අශ්වයන්
බැඳි කරත්තයකින් රාත්‍රියට සඳ රැගෙන ආටෙමිස් නැගෙනහිර සිට බටහිරට අහස හරහා ගියා.සඳ
රැගෙන යාම ඇගේ කාර්යය විය.
රාත්‍රී අහසේ වලාකුළු
අතරින් ඇදීයන ආටිමිස් පාළු දූපත ක තනිවී දඩයමේ යන කඩවසම් දඩයක්කාරයා ඔරියන් දුටුවා.
ඇය ඔහු දුටු පමණින්ම ඔහු සමඟ ආදරයෙන් බැඳුනා. නමුත් ගැටළුවක් .ආටිමිස් කන්‍යාවක්
ලෙස සිටීමට බැඳී සිටියා.මේ දෙවඟනට මනුෂ්‍යයන් සමඟ පෙම්න් බැඳීමටට නොහැකි ය.
ආටෙමිස් මෙය දැන සිටියත් දඩයක්කාරයාගේ ප්‍රේමයට විරුද්ධ විය නොහැකි වූවා.සුන්දර
රාත්‍රීන්හි ඇය සඳට මඟ පෙන්වමින් යන අතර.
ඇය ඇගේ අශ්වයන් නවතා, ඔරියන්ගේ වනගත
දූපතට පැමිණුනා..
ඔරායන්.. ඇගේ මනුෂ්‍යයා ප්‍රේමවන්තයා සමග ආටිමිස් වනයේ දඩයම්
කිරීමට හා වනයේ කෙළිදෙළෙන් ගත කිරීමට පුරුදු වූවා. මේ ආධ්‍යාත්මික ප්‍රේමයක්.
ආටෙමිස්ගේ සහෝදරයා වන ඇපලෝ මෙම යුවළ දකිනවා.ඔහු සොයුරිය ආරක්ෂා කිරීමට වෙහෙසෙනවා. තමා දුටු දේ
සියුස්ට වාර්තා කරනවා.. දෙවිවරුන්ගේ රජු කෝපයට පත් වූ අතර නීති විරෝධී ප්‍රේම
සම්බන්ධය මැඩපැවැත්වීමට වහාම ක්‍රියා කළා. යෝධ ගෝනුස්සෙකු මේ දිවයිනට ගෙන යන ලෙස
ඔහු ඇපලෝට නියෝග කළා. ඔරියන් සමුදුර අසල නිදා සිටියදී ඇපලෝ මේ මාරාන්තික මෘගයා මුදා
හරින්නේ එක් ගැස්මකින් දඩයක්කාරයා මරා දමන බව දැනගෙනය.
නමුත් එය එතරම්
සාර්ථක වූයේ නැත. ගෝනුස්සාට එරෙහිව සටන් කිරීමට ඔරියන් අවදි වුනා. සටන පැය ගණනාවක්
පැවතුනා. අවසානයේ ඌ මාරාන්තික දෂ්ට කිරීමක් කළ අතර ඉන් දඩයක්කාරයා
මිය ගියා.
ආටෙමිස් ඝාතනයට
ලක්වූ පෙම්වතා සොයාගත් අතර ශෝකයෙන් හා කෝපයෙන් පිරී ගියා.
සටනින් තුවාල
ලැබූ යෝධ ගෝනුස්සා ඔහුගේ ගොදුරෙන් බඩගාගෙන යමින් සිටියා. සිදු වූ දේ ආටෙමිස්
ක්ෂණිකව වටහා ගත්තා. ඇය ගෝනුස්සාව අල්ලා අහසට විසිකළා. එහිදී එය ස්කොර්පියන්
තාරකා මණ්ඩලය බවට පරිවර්තනය වුවා
ආටෙමිස් තම ආදරවන්තයා වූ ඔරියන්ගේ දේහය අහසේ ප්‍රතිවිරුද්ධ
පැත්තේ තැබූ වා.එයද තාරකා මණ්ඩලයක් බවට පත්විය.
ගෝනුස්සා සහ
දඩයක්කාරයා හැකි තරම් දුරින් සිටින ලෙස තැබීමට ආටෙමිස් වග බලා ගත්තා
නැගෙනහිරින් ඔරායන් නැඟී සිටිනු දුටු විට,
ස්කොර්පියන් බටහිරින්
පසුබැසීමක් අපට පෙනෙන්නේ එබැවිනි.
Comments
Post a Comment