මෙඩුසා... පුරැෂ බලයට එරෙහිව

 

මෙඩුසා

මා ඔබට කලින් පැවසූ පියාඹන සුන්දර පෙගාසස්ට උපත ලබාදුන් පිලිකුල් සහගත සර්ප හිස් කෙස් කළඹකින් යුතු පෙගාසස් ගේ මව මෙඩූසා යනු කවුද?

ග්‍රීක මිත්‍යා කථා වල මෙදූසා යනු ඉතා සුරූපි කාන්තාවක්.

ඇය ඇතන්සයට අධිපති ප්‍රධාන දෙවඟන ඇතීනා දෙවගනගේ සේවයට කැපවූ දේව දාසියකි. ඈය සතුවු සුන්දර කෙස් කළඹ නිසා ඇතීනා හොරන් ඇයට ඊර්ෂ්‍යා කළා.ඇතීනා දෙවොලට ඇතැම් බැතිමතුන් පැමිණියේ සුන්දර මෙඩුසා බැලීමට.

දිනක් ඇගේ රුව දුටු මුහුදු දෙවියා පොසයිඩන් ඇය පසුපස ආවා.පොසයිඩන් ඇතීනාගේ මාමා කෙනෙක් .ඇතීනා ඔහුගෙන් ඇය බේරා ගනු ඇතැයි සිතූ මෙඩුසා ඇතීනාගේ පිළිසරණ පතා දෙවොල වෙත දිව ආවා. නමුත් ඇතීනා සිතූ තරම් සාධාරණ වූයේ නෑ. දෙවොලේ දිම ඇය පොසයිඩන් විසින් දූෂණයට ලක්‍කරනවා. අවසානයේ මෙඩුසා හඩමින් අයදිමින් ඇතිනාගේ පිහිට පතනවා. නමුත් තම පතිවෘතතාව ආරක්ෂා කර නොගැනීම සම්බන්ධයෙන් ඇතීනා ඇයට දැඩි ලෙස බැන වදිනවා.ඇය ට ශාප කරනවා. ඇතීනාගේ ඊර්ෂ්‍යාවට ලක්වු ඇගේ සුන්දර කෙස් කළඹ පිළිකුල් සහගත සර්ප යින් බවට පත්කරන්නේ ඇගේ සුන්දරත්වයේන් පළිගැනිමට.

ඇය ගේ සුන්දර දිගු දෑස දකින දකින මිනිසුන් ගල් රෑප බවට පත්වෙනවා..

පසුව ඇතීනා විසින්ම මෙඩුසා පරා දැමීමට පර්සියස් වීරයා පිටත් කර යවනවා. පර්සියස් උපක්‍රමශීලිව මෙඩුසා ගේ හිස කදින් වෙන් කර මරා දමනවා. මේ අවස්ථාව අතීතයේ පටන් බොහෝ කලා නිර්මාණ වලට වස්තුබීජ වුනා.කෙසේ වෙතත්, මේ ඛේදවාචකය හමුවේ පවා මෙදූසා ගේ සොදුරැ බව විනාශ නොවන ලෙස නිරූපණය වුනා.. ඇගේ හිස ඉවත් කළ මොහොතේ , පෙගසස් ඇගේ ශරීරයෙන් පිටතට පියාඹා, ගියේ සදාතනික සුන්දරත්වයේ උපත නියෝජනය කරමින්..

කඳින් වෙන්වූ මෙඩුසාගේ හිස පර්සියස් විසින් ඇතීනාට ලබාදෙනවා. ඇතීනා තම විජයග්‍රහණය සමරන්නට ඇගේ හිස තම යුධ පලි‍හ මත සිරකරනවා.ඇතීනා පිළිරෑ වල පළිහ මත තිබෙන්නේ මෙඩුසා‍ගේ හිස. ඒ තමයි පුරාවෘත්තය.

දැන් අපි වර්තමානයට එමු.

බුවනෝස් අයර්ස් හි 45 හැවිරිදි චිත්‍ර ශිල්පියෙකු වන ලුසියානෝ ගාර්බාටිගේ මූර්තියකින් මෙදූසා නැවත උපත ලබනවා... ඔහු විසින් නිම කළ මේ කෘතිය ලොව පුරා විචාරයට ලක්වූ කලා නිර්මාණයකි.. සමාජ අසාධාරණයට ලක්වූ අහිංසක සුන්දර යුවතියක‍ෙග් කෝපයේ පරිපූර්ණ අවතාරයක් ලෙස මෙලෙස මෙඩූසා නැගී සිටින අයුරු දැක්වීම  සුවිශේෂ අවස්ථාවකි.,

ඇය නිරුවතින් නගර ම්‍ධ්‍යයේ සිටගෙන සිටිනවා, ඇගේ කොණ්ඩය සර්පයන්ගෙන් ගැටගැසී තිබෙන්නේ, එක් අතකින් කඩුවක්, අනෙක් අතෙහි කැපූ පිරිමි හිසක්. ඇගේ බැල්ම ජයග්‍රාහී ද ? නොවේ, හරියටම, නමුත් පලිගැනීම සම්පූර්ණ කළ අධිෂ්ඨානශීලී බැල්මක්.මේ පිරිමි හිස ඇයව ඝාතනය කළ පර්සියස්ද? ඇගේ මුලු දිවියම ඛේදවාචකයක් කළ පොසයිඩන්ද?

ඇය ලොව බොහෝ ගැහැනුන් මෙන් අසාධාරණයට ලක්වූ කාන්තාවක්. කාන්තාවන් අසාධාරණයට බිය නොවී නම් ,ඊට එරෙහිව සටන් කරන්නේ නම් .......... තවදුරටත් මෙඩූසා බිහිසුණු රාක්ෂියක් නොවනු ඇත. ජීවිතයේ වැරදුනු තැන් ගවේෂණය කිරීම සඳහා කාන්තාවන් හුදෙක් එකිනෙකාට විවර වී අඳුරු ජීවිත අගාධයනට ආලෝකය විහිදුවන්නේ නම්,තවත් මෙඩූසා වැන්නියන් බිහි නොවනු ඇත..

දැන් ඔබ මෙඩූසා දෙස කෙලින්ම බැලීමට නිර්භීත වුවහොත්, දකින්නේ ඇය මාරාන්තික නොවන බවත්, ඇය ලස්සන බවත් ඇය සිනාසෙන බවත්ය.

Comments

Popular posts from this blog

ග්‍රීක මිත්‍යා කතාන්දර රස විඳිමු -ආටිමිස් ගේ පළි ගැනිම- ඇඩොනීස් ගේ මරණය