Posts

Showing posts from June, 2021
Image
  ග්‍රීක මිත්‍යා කතාන්දර රස විඳිමු   කතා සැරිය 7   ආටිමිස් දෙවඟන හා දඩයක්කාරයාගේ ප්‍රේමය   ආටිමිස් ගේ හදවත දිනාගත්තේ ඇගේ දඩයම් සගයා වූ ඔරායොන් පමණි.ඹරායොන් සමුදුරු දෙවියා වූ පොසයිඩන්ගේ පුත්‍රයෙක්.ඔහුට ඒ නිසාම සමුදුරු රැළි මත නොගිලී යා හැකි වූවා   , . පුරාවෘත්තයට අනුව , ඔරයන් ජීවත් වූයේ දුර බැහැර දිවයිනක වන අතර , තනිකඩ වනගත ජීවිතයකට ආදරය කළා.. ඔහු රාත්‍රියේ දඩයම් කර දිවා කාලයේ නිදාගත්තා. ඔරියන් ගේ වන්දනීයත්වයට හා ගෞරවයට ලක්වූ වෙක් සිටියා- ඒ ආටෙමිස් , සඳෙහි දේවතාවිය සහ දෙවිවරුන්ගේ රජු වූ සියුස්ගේ දියණිය. පියාපත් සහිත අශ්වයන් බැඳි කරත්තයකින් රාත්‍රියට සඳ රැගෙන ආටෙමිස් නැගෙනහිර සිට බටහිරට අහස හරහා ගියා.සඳ රැගෙන යාම ඇගේ කාර්යය විය. රාත්‍රී අහසේ වලාකුළු අතරින් ඇදීයන ආටිමිස් පාළු දූපත ක තනිවී දඩයමේ යන කඩවසම් දඩයක්කාරයා ඔරියන් දුටුවා. ඇය ඔහු දුටු පමණින්ම ඔහු සමඟ ආදරයෙන් බැඳුනා. නමුත් ගැටළුවක් .ආටිමිස් කන්‍යාවක් ලෙස සිටීමට බැඳී සිටියා.මේ දෙවඟනට මනුෂ්‍යයන් සමඟ පෙම්න් බැඳීමටට නොහැකි ය. ආටෙමිස් මෙය දැන සිටියත් දඩයක්කාරයාගේ ප්‍රේමයට විරුද්ධ විය නොහැකි වූව...
Image
  ග්‍රීක මිත්‍යා කතාන්දර රස විඳිමු   කතා සැරිය 6   ආටිමිස්- දඩයමේ දෙවඟන   සියුස් ගේ ප්‍රියතම දියණියක් වන ආටෙමිස් වනයට හා දඩයමට අධිපතිනියයි.එමෙන්ම ඇය   දරුප්‍රසූතියට අධිපතිනියද වූවා.රෝම වරු ඩයනා ලෙස හඳුන්වන සඳ දෙවඟන ද ඇයයි.තම පියාගේ දණහිස මත හිඳගෙන සිටියදී , ඇයට ප්‍රාර්ථනා දහයක් ලබා දෙන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියා. සැමවිටම කන්‍යාවක් ලෙස සිටීම ඉන් ප්‍රධාන වූවා. ආටිමිස් දෙවඟන ගේ සියලු සේවිකාවන් ද කන්‍යාවන් ආටෙමිස්ගේ පෞරුෂත්වයේ හා පූජනීයත්වයේ වැදගත් අංගයක් වූයේ ඇගේ කන්‍යාභාවයයි. එය දරු ප්‍රසූතියට සම්බන්ධ දේවතාවියක් ලෙස ඇයගේ භූමිකාවට පටහැනි බව ක් පෙනෙනවා. ආටෙමිස් කන්‍යා දේවතාවියක් ලෙස සැලකීම දඩයම්කරුවෙකු ලෙස ඇයගේ   භූමිකාවට සම්බන්ධ වන්නට ඇත. සාම්ප්‍රදායිකව දඩයම්කරුවන් දඩයමට පෙර ලිංගික ඇසුරෙන් වැළකී සිටියේ චාරිත්‍රානුකූලව පාරිශුද්ධභාවයේ ස්වරූපයක් ලෙසයි . ඇගේ   නිර්භයත්වය සාමාන්‍ය සාම්ප්‍රදායික   කාන්තා ලාලිත්‍ය ට අභියෝග කරනවා. ආටෙමිස් වන්දනය ඉස්මතු වූ පුරාණ ග්‍රීක සංස්කෘතික සන්දර්භය තුළ කන්‍යාභාවය විවාහයට පූර්වාවශ්‍යතාවක් බවත් විවාහක කාන්...
Image
  ග්‍රීක මිත්‍යා කතාන්දර රස විඳිමු   කතා සැරිය 5   හිරු දෙවියන් හා සඳ දෙවඟන ගේ උපත   සෑම පුරාතන ශිෂ්ඨාචාරයකම හිරු හා සඳු දේවත්වයෙන් සලකා වන්දනාමාන කළ බව දකින්නට පුළුවන්.ග්‍රීකයන්ද එසේමයි. ග්‍රීකයන් සූර්ය දේවතාවා ලෙස සලකන්නේ ඇපලෝ .රන්වන් කෙස් කළඹකින් යුතු ඇපලෝ ‍තාරුණ්‍යයෙන් පිරි කඩවසම් තරුණයෙක් ලෙස නිරූපණය කරනවා .ඔහු සියුස් මහ දෙවියාගේ එක් ප්‍රියතම පුත්‍රයෙක්.සූර්යාට අධිපති මෙන්ම සංගීතය , කලාවන් , දැනුම , සුවපත් කිරීම , වසංගත රෝග හා අන්ධකාරය , අනාවැකි පල කිරීම ,, පාරිශුද්ධත්වය හා පුරුෂ ලක්ෂණ වලට අධිපති දෙවියා ලෙස ද සැලකෙන්නේ ඇපලෝය. ඹහුගේ නිවුන් සොයුරිය ආටිමිස් සද දෙවඟනයි. ඇය ප්‍රධාන වශයෙන්ම දඩයමට හා වනයට හා වන සතුන්ට මෙන්ම දරු ප්‍රසූතියට අධිපති ග්‍රීක දෙවඟන ලෙසද සැලකෙනවා ඇපලෝ හා ආටිමිස් ගේ උපත පිළිබඳ ග්‍රීක පුරාවෘත්ත වල සඳහන් වෙන්නේ මෙලෙසයි.. දෙවිවරුන්ගේ රජු වූ සියුස්ගේ ප්‍රියතම ආදරවන්තිය වූ ලෙටෝ ඇපලො හා ආටිමිස්ගේ ගේ මව වනවා. ලෙටෝ ටයිටන් වරයකු වන කෝයස් සහ ෆෝබිගේ දියණියයි.   ලෙටෝ ඉතා කාරුණික හා ආදරණීය හදවතක් ඇති තැනැත්තියක්.නමුත් සියුස්ගේ බි...
Image
  ග්‍රීක මිත්‍යා කතාන්දර රස විඳිමු කතා සැරිය 4 ඩිමීටර්- සශ්‍රිකත්වයේ දෙවගන ,පර්සිපොනි හා ‍හේඩ්ස්   සියුස් ගේ සොයුරිය මෙන්ම බිරියකද වූ ඩිමීටර් ට සියුස්ට දාව උපදින දරුවා පර්සිපොනි. ඇය ඉතා සුන්දර තරුණියක්.ඩිමීටර් තම දියණිය ට ඉතා ආදරය කළා මෙන්ම ඇය ගැන ඉතා ආරක්ෂාකාරී වූවා. පාතාලයට අධිපති හේඩ්ස් දිනක් පොළවට පැමිණි අවස්ථාවක පර්සිපොනි ව දකිනවා ..හේඩීස් ඇය දුටු විගසින් පරසිපොනි කෙරෙහි ප්‍රේමයෙන් බැඳෙනවා. ඹහු තම ප්‍රේමය පිළිබඳ සියුස් ට පවසනවා.සියුස් හා ගියා ( සියුස් ගේ මිත්තණිය)ඩිමීටර්ට හොරෙන් පර්සිපොන් හේඩ්ස් ට විවාහ කිරිමට සැලසුමක් සකස් කරනවා. පර්සිපොනි හා සුන්දර නිම්ප්ස් ලා ගං නිමිනයේ පිපි සුවදැති මල් නෙළමින් මල් මාලා ගොතනවා.ඒවා පැළඳ නටමින් විනෝද වෙනව‍ා.මේ ගං නිමිනයේ පොළව කාන්තාව වූ ගියා විසින් මායාමය මලක් මවනවා.ඉතා අලංකාර කහ පැහැයෙන් යුතු මේ මලෙන් සිත වශීවෙන සුවඳක් විහිදෙනවා..ඒ මල නම් කරන්නේ නාර්සිසස් නමින්. මළවුන්ගේ කුසුම නාරිසියස් අදටත් මල් ලෝකයේ සුන්දරම මලක්. පර්සෙෆෝන් මේ මල දකිනවා. .මලේ සුන්දරත්වයට වශීවෙන ඇය   ගියාගේ (පොළව)ළයෙන් නර්සිසස් උදුරා ගැනීමට උත්සාහ කරනවා.ඇග...
Image
  කතා සැරිය 3 ඔලිම්පස් කන්දේ දෙවිවරු(ක්‍රොනෝස් ගේ දරුවෝ)   ග්‍රීසියේ ඹපිම්පස් කන්දේ ප්‍රධාන දෙවියන් බවට පත්වූ සියුස් විවාහ කර ගන්නේ තම සොයුරිය හේරා.ඔවුන්ගේ එක්වීමෙන් හෙෆස්ටස් , හේබ් , සහ ඒරිස් යන දරුවන් ලබනවා. දෙවි කෙනෙක් වුවත් සියුස් අනියම් සබඳතා ඇති කරගැනීමට ඉතා ප්‍රසිද්ධ යි. ඇතීනා , ඇපලෝ , ආටිමිස් , හර්මිස් , ඩයනීසස් , හෙරැක්ලීස් , සහ ට්‍රෝයිහි හෙලන් කුමරිය වැනි අය සියුස් හට දාව වෙනත් දෙවඟනන් හා මනුෂ්‍ය කාන්තාවන් හරහා උපන් දරුවන් වනවා. මේ එක් එක් දෙවි දෙවඟනන් හා බැඳුනු රසවත් තථා රැසක්ම තියෙනවා.   ක්‍රෝනෝස් හා රීයා ගේ දියණිය, සියුස්ගේ බිරිය වන හේරා දෙවඟන ග්‍රීක වැසියන්   ප්‍රධාන දේවතාවිය ලෙස සලකනවා.විවාහය හා කාන්තාව,දරු උත්පත්තිය , උරුමයන් හා රාජ්‍ය යට අධිපති දෙවගන ලෙස සලකන මැය සියුස් මහ දෙවියන්ගේ ප්‍රධාන භාර්යාවයි.කෙසේ වෙතත් සියුස් ගේ සල්ලාල කම් නිසා හේරාට සිදුවන්නේ අනෙක් බිරින්දන්ට ඊර්ෂ්‍යා කරමින් තම විවාහය ආරක්ෂා කර ගැනිම සඳහා සියුස් ගේ අනියම්   සම්බන්ධතා බිඳ දැමීමට උගුල් ඇටවීමට හා කුමන්ත්‍රණ කිරීමට.ඒ අනුව හේරා ඉතා දුෂ්ඨ ආකාරයට සිසුස්ගේ අනියම් බි...

ග්‍රීක මිත්‍යා කතාන්දර රස විඳිමු

Image
 කතා සැරිය 1 වීනස්ගේ උපත විනස් නමින් හැඳින්වෙන්නේ රාත්‍රි අහසේ සුන්දර තාරකාවක් .සිකුරු තරැව.රෝම වරැන් විසින් වීනස් දේවතාවියක් ලෙස සැලකුවා. සිකුරැ ලැබුවාම මනමාල ගති ඇතිවෙන බව කතාවට කියනවා. මේ සිකුරු හෙවත් විනස් ප්‍රේමයට අධිපති දෙවඟන ලෙස හඳුන්වනවා.මේ වීනස් ග්‍රීක දේව කතාවලත් සුවිශේෂ දෙවඟනක්. ඇය ග්‍රීක් වරැහඳුන්වන්නේ ඇප්‍රොඩයිට් නමින්. ඇප්‍රොඩයිට් යනු ප්‍රේමයේ සශ්‍රීකත්වයේ හා සුන්දරත්වයේ පුරාණ ග්‍රීක දේවතාවියයි .ඇය විවාහයේ මුලසුන දැරීය. ඇය දේවතාවියන් අතරින් වඩාත්ම සුන්දර වූ නමුත් විවාහ වූයේ දෙවිවරුන්ගේ කැතම තැනැත්තා වන හෙපටස්ටස් නම් දෙවි වරැන්ගේ කම්මල්කරැවා සමඟ . ඹහු සමග විවාහය ඇයට ප්‍රීතිමත් නොවිය.එහෙයින්ම ඇප්‍රොඩයිට්ට බොහෝ ආදරවන්තයන් සිටියා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඊරෝස් , ඇන්ටරෝස් , හයිමේනියෝස් සහ ඊනියාස් ඇතුළු බොහෝ දරුවන්ද   බිහි විය.ඇගේ එක් දරැවෙක් වන්නේ අනංගයා හෙවත් කියුපිඩිය.පිහාටු සහිත කුඩා දුන්නක් හා ඊතල අතැතිව කුඩා ළදරැවකුගේ ස්වරෑපයෙන් මල්සරා බොහෝ විට නිරෑ පනය වනවා. ඉතින් මේ විනස් දෙවඟන ඉපදුන ආකාරය හරිම අපූරු කථාවක්. මේ බව සඳහන් වන්නේ ග්‍රීක පුරාවෘත්ත වල. වීනස් ගේ උ...