ග්‍රීක මිත්‍යා කතාන්දර රස විඳිමු

කතා සැරිය 4

ඩිමීටර්- සශ්‍රිකත්වයේ දෙවගන ,පර්සිපොනි හා ‍හේඩ්ස්

 සියුස් ගේ සොයුරිය මෙන්ම බිරියකද වූ ඩිමීටර් ට සියුස්ට දාව උපදින දරුවා පර්සිපොනි. ඇය ඉතා සුන්දර තරුණියක්.ඩිමීටර් තම දියණිය ට ඉතා ආදරය කළා මෙන්ම ඇය ගැන ඉතා ආරක්ෂාකාරී වූවා.

පාතාලයට අධිපති හේඩ්ස් දිනක් පොළවට පැමිණි අවස්ථාවක පර්සිපොනි ව දකිනවා ..හේඩීස් ඇය දුටු විගසින් පරසිපොනි කෙරෙහි ප්‍රේමයෙන් බැඳෙනවා. ඹහු තම ප්‍රේමය පිළිබඳ සියුස් ට පවසනවා.සියුස් හා ගියා (සියුස් ගේ මිත්තණිය)ඩිමීටර්ට හොරෙන් පර්සිපොන් හේඩ්ස් ට විවාහ කිරිමට සැලසුමක් සකස් කරනවා. පර්සිපොනි හා සුන්දර නිම්ප්ස් ලා ගං නිමිනයේ පිපි සුවදැති මල් නෙළමින් මල් මාලා ගොතනවා.ඒවා පැළඳ නටමින් විනෝද වෙනව‍ා.මේ ගං නිමිනයේ පොළව කාන්තාව වූ ගියා විසින් මායාමය මලක් මවනවා.ඉතා අලංකාර කහ පැහැයෙන් යුතු මේ මලෙන් සිත වශීවෙන සුවඳක් විහිදෙනවා..ඒ මල නම් කරන්නේ නාර්සිසස් නමින්. මළවුන්ගේ කුසුම නාරිසියස් අදටත් මල් ලෝකයේ සුන්දරම මලක්.

පර්සෙෆෝන් මේ මල දකිනවා.

.මලේ සුන්දරත්වයට වශීවෙන ඇය  ගියාගේ (පොළව)ළයෙන් නර්සිසස් උදුරා ගැනීමට උත්සාහ කරනවා.ඇගේ මුළු ශක්තීන් ම යොදා මල ඇද දැමීමට සිදුවුනා., නාර්සියස් පිටතට පැමිණියේ බොහෝ ඇදීමෙන් පසුව.  එහෙත්, හදිසියේම,   ඇය, මල් පඳුර එළියට ගත් විට ඇතිවූ කුඩා සිදුර දුටුවා, එය පාතාලයට දොරටු විවරවන  දැවැන්ත සිදුරක් ලෙස ප්‍රමාණයෙන් වේගයෙන් වර්ධනය වීමට පටන් ගත්තාය. මේ විවරය තුළින් අශ්වයන් කිහිප දෙනෙකුගේ කුරහඬ ඇසෙන්නට ගත්තා.ඒ පැමිණියේ හේඩ්ස්.සියුමැලි පර්සිපොනි මහත්සේ බියට පත්වුනත් ඇයට දිව යාමටවත් නොහැකි වෙනව‍ා. හේඩ්ස් පර්සිපොනි පැහැරගෙන පාතාලය බලා පලා යනවා.

සිය දියණිය නොමැති බව දැනගත් . ඩිමීටර් පිස්සුවෙන්  හැම තැනම දුවව සොයනවා.  ඇය වයස්ගත කාන්තාවක් ලෙස වෙස්වලාගෙන අතේ පන්දමක්  දල්වාගෙන දින නවයක් හා දිගු රාත්‍රී නවයක් පුරා පෘථිවිය වටා සැරිසැරූ බව පවසනවා..

අවසානයේදී, දසවන දිනයේ ඇය මායා කර්මය, භූතයන් සහ හරස් මාර්ගවල දෙවියා වන හෙකට්ව මුණගැසුනා. ඇගේ දුක්බර තත්ත්වය ගැන අනුකම්පා කළ ඔහු සියලු දේ දක්නා හෙලියෝස් හමුවන ලෙස පවසනවා.හේලියොස් හේඩීස් පර්සෙෆෝන් පාතාලයට ඇදගෙන ගිය ආකාරය ගැන ඩිමීටර්ට පවසනවා. අවසානයේ ඇය පිහිට පතා යන්නේ මේ කුමන්ත්‍රණයට හවුල් අපූරැ මහ දෙවියා වන සියුස් වෙතටමයි..

සියුස් හේඩිස් හා සාකච්ඡා කර පර්සිපොනි ව නැවත ගෙන්වා ගැනීමට බලනවා. නමුත් හේඩ්ස් පරසිපොනිට දක්වන දැඩි ඇල්ම නිසා ඇයට යාමට නොහැකි වන ලෙස උපායක් යොදනවා.ඔහු පාතාලයේ දි දෙළුම් ඇට අනුභව කිරීමට පර්සෙෆෝන්ව පොළඹවා ගන්නවා.හේඩ්ස් දුන් දෙළුම් ඇට වලින්  හයක් ඇය ආහාරයට ගන්නවා

පාතාලයෙන් යමක් ආහාරයට ගත් පසු ඒ තැනැත්තාට නැවත් පොළවට ඒමට නොහැකියි. එය තමයි මළවුන්ගේ ලෝකයේ  නීතිය.

.දියණියගේ අතුරැදන්වීම නිසා බොහෝ කම්පාවට පත් වන ඩිමීටර් ගේ දැඩි ලෙස ශෝකයට පත්වනවා.සශ්‍රිකත්වයේ දෙවඳගනගේ  ශෝකය නිසා  පොළවේ සරු බව නැති වි යනවා.අස්වැන්න විනාශ වෙනවා ඩිමීටරගේ ශෝකය නිසා පොළවේ අස්වැන්න නිසරු වන බවත්  මිනිසුන් ආහාර නොමැතිව මියෙන්නට පටන් ගන්නා බවත් මේ නිසා ඩිමීටර්ව සැනසවීමට  සිදු නොවුනොත් මිනිසුන් ආහාර නැතිවම මිය යන බව සියුස් තේරැම් ගත්තා.

සියුස් හේඩීස් හා පර්සෙෆෝන් සමඟ මේ බව සාකච්ඡා කළා.අවසානයේ සියුස් මෙවැනි තීරණයක් ගබා දෙනවා.පර්සිපොනි ආහාරයට ගත් දෙලුම් ඇට හය නිසා ඇයට මාස හයක් හේඩ්ස් සමග පාතාලයේ සිටිය යුතුබව තිරණය වුවා.වසරේ ඉතිරි මාස හය ඇගේ මව සමඟ ජීවත් වීමට අවසර ලැබුණා.

පර්සිපොනි වසරේ මාස හයක් පාතාලයේ ජීවත් වනවා.හේඩ්ස් සමග.අනිත් මාස හය ඇය මව සමඟ ජීවත් විමට මිහි තලය මතට එනවා.

 පර්සෙෆෝන් තමා සමඟ සිටින මාස හය ඩිමීටර් සිටින්නේ ඉතා ප්‍රීතියෙන්.ඒ කාලයේදී මහ පොළව ඉතා සශ්‍රිකවෙනවා.අස්වැන්න සරු වෙනවාඇ සිය සැමියා සමඟ පාතාලයේ ජීවත් වීමට නැවත යන  විට, ඩිමීටර් ශෝකයට පත් වනවා.පොළොව සීතල වී බෝගයක් වර්ධනය අඩාළ වෙනවා. ඇය නොසලකා හැරීම නිසා පොළොව නිසරු විය; මේ අනුව, ශීතඍතුව සහ එහි නිසරැ ස්වභාවයන් පර්සෙෆෝන් නොමැති විට ඩිමීටර්ගේ චිත්තවේගීය තත්වය පිළිබිඹු කරනවා.අස්වනු නොමැති වෙනවා.

ඉරිඟු වගා කිරීමේ හා භාවිතා කිරීමේ කලාව ඇය මිනිසාට හෙළි කළාය.

ඩිමීටර් දේවතාවියටට ගෞරව දැක්වීම සඳහා ගී්‍රසියේ පැවැත්වූ සශ්‍රීකත්ව උළෙලට සහභාගී වූයේ තෙස්මෝෆෝරියා හි කාන්තාවන් පමණි.

ඇගේ රැකවරණය යටතේ ධාන්‍ය කෙත්වතු සහ කමත විය. ඒවා ඕනෑම මොහොතක ඇයට වාසය කළ හැකි දේවස්ථාන ලෙස සැලක්ණා

ඇගේ ප්‍රධාන උත්සවය පැමිණෙන්නේ ග්‍රීසියේ අස්වැන්න නෙළන අවස්ථාවේදීය. එය අසවනු නෙලීමේ හා පිදීමේ මංගල්යයක් ලෙස ආරම්භ කරනවා..

ඇතන්ස් අසල කුඩා නගරයක් වන එලියුසිස්හිදී ඩිමීටර් සහ ඩයොනිසස් යන දෙවි වරු ඉතා බැතියෙන් වන්දනාමාන කරනවා.

ඇගේ දුක නිසා අස්වනු පාළුවට ගියත් මිනිසුන් ඩිමීටර් යහපත් බවේ දේවතාවියලෙස හැඳින්වූවා.

පුරාණ කලාවේදී, ඩිමීටර් නිරූපණය කළේ බඩ ඉරිඟු වලින් සාදන ලද කිරැළක් හිස දරා අතින් පන්දමක් දරා සිටින ලෙස.ඒ ඇය දින ගණකත් පන්දම රැගෙන දියණිය සෙවූඅයුරු සිහි කිරිමට.

 අස්වැන්නට අධිපති ඩිමීටර් දෙවඟනගේ සංකේතය ඉරිඟු කරලක්.

මේ කථාව පසු කාලින ව ද යුරෝපීය කලා වේ බොහෝ නිර්මාණ සඳහා තේමා වීඇතිඅයුරැ බලන්න

. ඒ අතර මගේ ප්‍රියතම නිර්මාණය බර්නිනිගේ මූර්තියයි.

බැරක් කලාවේ සුප්‍රසිද්ධ  බැරොක් මූර්ති ශිල්පියෙක් වන ලොරෙන්සෝ බර්නින් විසින් පර්සිපොනි පැහැරගැනීම මූර්තියට නගනවා. බියපත්වූ ඇගේ,සියුමැලි දෑතින් හේඩ්ස්ගෙන් පැන මිදි පලායාමට තැත්කරන දුර්වල උත්සහය,මෙයින් පෙන්වනවා.විසිරැන කෙස් කැරලි, පර්සෙෆෝනිගේ බියපත් බව හා කඳුළු සහ සියල්ලටම වඩා පර්සිපොනි ගේ මුදු බව  ද කිරිගරුඩ පාෂාණයකික් කැටයම් කිරීමෙන් බර්නිනි ගේ දක්ෂතාවය යා යථාර්ථවාදී නැඹුරැව පෙනෙනවා: දරැණු හේඩ්ස් ගේ දෑත් ප්‍රොසර්පනි ගේ ඉණ ත් කලවයත් තදින් අල්ලා සිටිනවා. පර්සිපොනිගේ මුදු මොළොක් බව හා හේඩ්ස්ගේ දැඩිබව මේ නිර්මාණයේ මනාව පෙන්වනවා. කෘරත්වයේ හා මුදු බවේ විස්මිත සංකලනයක් ලෙස මේ නිර්මානය විශ්ව කලා නිර්මාණ අතර ඉහළින්ම තිබෙන්නක්

 






Comments

Popular posts from this blog

ග්‍රීක මිත්‍යා කතාන්දර රස විඳිමු -ආටිමිස් ගේ පළි ගැනිම- ඇඩොනීස් ගේ මරණය