කතා සැරිය 3
ඔලිම්පස් කන්දේ දෙවිවරු(ක්‍රොනෝස් ගේ දරුවෝ)
ග්‍රීසියේ ඹපිම්පස්
කන්දේ ප්‍රධාන දෙවියන් බවට පත්වූ සියුස් විවාහ කර ගන්නේ තම සොයුරිය හේරා.ඔවුන්ගේ
එක්වීමෙන් හෙෆස්ටස්, හේබ්, සහ ඒරිස් යන දරුවන්
ලබනවා.
දෙවි කෙනෙක්
වුවත් සියුස් අනියම් සබඳතා ඇති කරගැනීමට ඉතා ප්‍රසිද්ධ යි. ඇතීනා, ඇපලෝ, ආටිමිස්, හර්මිස්, ඩයනීසස්, හෙරැක්ලීස්, සහ ට්‍රෝයිහි හෙලන් කුමරිය
වැනි අය සියුස් හට දාව වෙනත් දෙවඟනන් හා මනුෂ්‍ය කාන්තාවන් හරහා උපන් දරුවන් වනවා.
මේ එක් එක් දෙවි දෙවඟනන් හා බැඳුනු රසවත් තථා රැසක්ම තියෙනවා.
ක්‍රෝනෝස් හා
රීයා ගේ දියණිය, සියුස්ගේ බිරිය වන හේරා දෙවඟන ග්‍රීක වැසියන් ප්‍රධාන දේවතාවිය ලෙස සලකනවා.විවාහය හා කාන්තාව,දරු
උත්පත්තිය, උරුමයන් හා රාජ්‍ය
යට අධිපති දෙවගන ලෙස සලකන මැය සියුස් මහ දෙවියන්ගේ ප්‍රධාන භාර්යාවයි.කෙසේ වෙතත්
සියුස් ගේ සල්ලාල කම් නිසා හේරාට සිදුවන්නේ අනෙක් බිරින්දන්ට ඊර්ෂ්‍යා කරමින් තම
විවාහය ආරක්ෂා කර ගැනිම සඳහා සියුස් ගේ අනියම්
සම්බන්ධතා බිඳ දැමීමට උගුල් ඇටවීමට හා කුමන්ත්‍රණ කිරීමට.ඒ අනුව හේරා ඉතා
දුෂ්ඨ ආකාරයට සිසුස්ගේ අනියම් බිරින්දන්ගෙන් පළි ගැනීමේ සැලසුම් දියත් කළා.හේරා
සැලකෙන්නේ අන් කාන්තාවන් සම්බන්ධයෙන් අතිශය ඊර්ෂ්‍යා සහගත කාන්තාවක් ලෙස.
ක්රොනස්ව ඔහුගේ
පුතුන් විසින් පරාජය කර දැමීමෙන් පසු, ඔහුගේ රාජ්‍යය
ඔවුන් අතර බෙදී ගියා.
පාතාලය හෙවත්
මළවුන්ගේ රාජධානිය හේඩීස් ට භාරවුනා.. එහිදී ඔහු තම රැජින වූ කර ගත්තේ පර්සෙෆෝන්. පර්සෙපොන්
යනු හේඩ්ස්ගේම සොයුරිය වූ ඩිමීටර්ගේ රූමත් දියණියයි.ඇය සමඟ මළවුන් ගේ ලෝකය පාලනය
කළ ඔහුට සහාය වූයේ සර්බෙරස් නම් ඹලු තුනක් සහිත බල්ලා . හේඩීස් මරණින් පසු
දුෂ්ටයන්ගේ නඩු විභාග කිරීම සහ ද ඩුවම්
කිරීම අධීක්ෂණය කළා. ඔහු සැඟවුණු ධනය හා මිණි මුතුවලට ද අධිපතියා ය.හේඩ්ස් තම
බිරිඳ පර්සිපොන් සමඟ ආදර්ශවත් විවාහයක් ගත කළ ප්‍රේමණිය යුවලක් ලෙස සැලකෙනවා.
පොසයිඩන් මහා
මුහුද පාලනය කළ මුහුදු දෙවියා වුනා. ඔහුගේ සහෝදරයා වන සියුස් මෙන්ම, පොසෙයිඩන් ඉතා බලවත්
දෙවිවරුන්ගෙන් කෙනෙකි.. ඔහු ජීවත් වූයේ ඔලිම්පස් කන්ද මත නොව මුහුදේ පතුලේ ඇති ඉතා
අලංකාර මාළිගාවක ය. ඔහු සාමාන්‍යයෙන් නිරූපණය කරන්නේ ත්‍රිශූලයක් සමග. ඔහුගේ
සොහොයුරා වන සියුස් මෙන් ම පොසෙයිඩන් ද දරුණු කෝපයක් ඇති අයෙක්.ඔහුගේ කෝපය මුහුදේ කුණාටු
හා භූමිකම්පා ඇති කරන බව ග්රිකයන්ගේ විශ්වාසය වුනා.ග්‍රික නාවිකයින් තවමත් ඔහු
ගැන මිත්‍යා විශ්වාසයන් විශ්වාස කරන අතර වරායෙන් පිටවීමට පෙර සාගරයේ යාත්‍රා
කිරීමට ඔහුගේ අවසරය ඉල්ලා සිටීනවා. පොසෙයිඩන් වෙනුවෙන් කැප කරන ලද ලස්සන
දේවමාළිගාවක් ග්‍රීසියේ කේප් සවුනියෝහි දැකගත හැකිය.
ඩිමීටර් දෙවඟන
මහ පොළවේ ධාන්‍ය අස්වැන්න හා සශ්‍රිකත්වය පාලනය කළා. ඩිමීටර් යනු කෘෂිකර්මාන්තයේ
සහ සශ්‍රීකත්වයේ දේවතාවියයි.ඇය අස්වැන්නෙහි දේවතාවිය වූ නිසා ඇය ග්‍රීසියේ ගොවීන්ට
හා ගොවි ජනතාවට ඉතා වැදගත් වුනා.ඇය සියුස්ගේ අනියම් බිරිඳක් වූ අතර ඔවුන්ට
දියණියක්ද සිටියහ - ඇය පර්සෙෆෝන්.හේඩ්ස් විවාහ කර ගන්නේ ඇයව.
හෙස්ටියා දෙවඟන
මේ දේව මණ්ඩලයේ ඉතා මෘදු හා කාරුණිකම තැනැත්තිය වූවා.ඔලිම්පස් කන්දේ සහ ග්‍රීකයන්ගේ
නිවෙස්වල දැවෙන ගින්න පවත්වා ගෙන ගියේ ඇය විසින්. ගින්න වැදගත් වූයේ එය ආහාර
පිසීමට සහ නිවස උණුසුම්ව තබා ගැනීමට භාවිතා කළ බැවින්. පවුල තුළ සාමය පවත්වා
ගැනීමට හෙස්ටියා උදව් කළ අතර නිවාස ඉදිකරන ආකාරය මිනිසුන්ට ඉගැන්වීය.
ක්‍රොනෝස් ගේ
දරැවන් ග්රිසියේ බලවත්ම දෙවිවරැ බවට පත්වන්නේ මෙලෙසින්. ග්‍රීක දේව මණ්ඩලයේ ප්‍රධාන
දෙවිවරු ලෙස සැලකෙන්නේ මොවුන් .ඊට අමරව සියුස්ගේ දරුවන් වන ඇපලෝ, ආටිමිස්, ඇතීනා,
ඒරීස්, ,වීනස්, හර්මීස්, හිපාස්ටස් ද ග්‍රීකයන්
බලවත් දෙවිවරු ලෙස වන්දනා කරනවා.ග්‍රීක ශිෂ්ඨාචාරයේ දකින්නට ඇත්තේ බහු දේව වන්දනයක්.
මේ දේව කථා දෙස බලන විට ඔවුන් ගේ විවාහ සංස්කෘතිය අතිශයින්ම වෙනස් පුදුමාකාර
වූවක්.කෙසේ වුනත් මේ මිත්‍යා කතාන්දර වල සිදුවිම් ලෝකයේ බිහිවූ විශිෂ්ඨ කලා
නිර්මාණ වලට වස්තු බීජයන් වුනා.මේ සෑම දෙවි කෙනෙත් සඳහාම ඉඳිකළ දේව මන්දිර අලංකාර
වූයේ මිනිස් ස්වරෑපයේන් නිමවූ අලංකාර ප්‍රතිමා
වලින්
Comments
Post a Comment