මෙඩුසා... පුරැෂ බලයට එරෙහිව
මෙඩුසා මා ඔබට කලින් පැවසූ පියාඹන සුන්දර පෙගාසස්ට උපත ලබාදුන් පිලිකුල් සහගත සර්ප හිස් කෙස් කළඹකින් යුතු පෙගාසස් ගේ මව මෙඩූසා යනු කවුද? ග්‍රීක මිත්‍යා කථා වල මෙදූසා යනු ඉතා සුරූපි කාන්තාවක්. ඇය ඇතන්සයට අධිපති ප්‍රධාන දෙවඟන ඇතීනා දෙවගනගේ සේවයට කැපවූ දේව දාසියකි. ඈය සතුවු සුන්දර කෙස් කළඹ නිසා ඇතීනා හොරන් ඇයට ඊර්ෂ්‍යා කළා.ඇතීනා දෙවොලට ඇතැම් බැතිමතුන් පැමිණියේ සුන්දර මෙඩුසා බැලීමට. දිනක් ඇගේ රුව දුටු මුහුදු දෙවියා පොසයිඩන් ඇය පසුපස ආවා.පොසයිඩන් ඇතීනාගේ මාමා කෙනෙක් .ඇතීනා ඔහුගෙන් ඇය බේරා ගනු ඇතැයි සිතූ මෙඩුසා ඇතීනාගේ පිළිසරණ පතා දෙවොල වෙත දිව ආවා. නමුත් ඇතීනා සිතූ තරම් සාධාරණ වූයේ නෑ. දෙවොලේ දිම ඇය පොසයිඩන් විසින් දූෂණයට ලක්‍කරනවා. අවසානයේ මෙඩුසා හඩමින් අයදිමින් ඇතිනාගේ පිහිට පතනවා. නමුත් තම පතිවෘතතාව ආරක්ෂා කර නොගැනීම සම්බන්ධයෙන් ඇතීනා ඇයට දැඩි ලෙස බැන වදිනවා.ඇය ට ශාප කරනවා. ඇතීනාගේ ඊර්ෂ්‍යාවට ලක්වු ඇගේ සුන්දර කෙස් කළඹ පිළිකුල් සහගත සර්ප යින් බවට පත්කරන්නේ ඇගේ සුන්දරත්වයේන් පළිගැනිමට. ඇය ගේ සුන්දර දිගු දෑස දකින දකින මිනිසුන් ගල් රෑප බවට පත්වෙනවා.. පසුව ඇතීනා විසින්ම මෙඩුසා ...