ග්‍රීක මිත්‍යා කතාන්දර රස විඳිමු

 කතා සැරිය 1

වීනස්ගේ උපත

විනස් නමින් හැඳින්වෙන්නේ රාත්‍රි අහසේ සුන්දර තාරකාවක් .සිකුරු තරැව.රෝම වරැන් විසින් වීනස් දේවතාවියක් ලෙස සැලකුවා. සිකුරැ ලැබුවාම මනමාල ගති ඇතිවෙන බව කතාවට කියනවා. මේ සිකුරු හෙවත් විනස් ප්‍රේමයට අධිපති දෙවඟන ලෙස හඳුන්වනවා.මේ වීනස් ග්‍රීක දේව කතාවලත් සුවිශේෂ දෙවඟනක්. ඇය ග්‍රීක් වරැහඳුන්වන්නේ ඇප්‍රොඩයිට් නමින්. ඇප්‍රොඩයිට් යනු ප්‍රේමයේ සශ්‍රීකත්වයේ හා සුන්දරත්වයේ පුරාණ ග්‍රීක දේවතාවියයි .ඇය විවාහයේ මුලසුන දැරීය. ඇය දේවතාවියන් අතරින් වඩාත්ම සුන්දර වූ නමුත් විවාහ වූයේ දෙවිවරුන්ගේ කැතම තැනැත්තා වන හෙපටස්ටස් නම් දෙවි වරැන්ගේ කම්මල්කරැවා සමඟ . ඹහු සමග විවාහය ඇයට ප්‍රීතිමත් නොවිය.එහෙයින්ම ඇප්‍රොඩයිට්ට බොහෝ ආදරවන්තයන් සිටියා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඊරෝස්, ඇන්ටරෝස්, හයිමේනියෝස් සහ ඊනියාස් ඇතුළු බොහෝ දරුවන්ද  බිහි විය.ඇගේ එක් දරැවෙක් වන්නේ අනංගයා හෙවත් කියුපිඩිය.පිහාටු සහිත කුඩා දුන්නක් හා ඊතල අතැතිව කුඩා ළදරැවකුගේ ස්වරෑපයෙන් මල්සරා බොහෝ විට නිරෑ පනය වනවා. ඉතින් මේ විනස් දෙවඟන ඉපදුන ආකාරය හරිම අපූරු කථාවක්. මේ බව සඳහන් වන්නේ ග්‍රීක පුරාවෘත්ත වල.

වීනස් ගේ උපත ගැන කියන්න කලින් ලෝකය ආරම්භ වුන ආකාරය ගැන ග්‍රීක වරු ‍පවසන කථාව දැනගන්න ඕනි.

විශ්වය ආරම්භය පිළිබඳ ලොව විවිධ සංස්කෘතින්හි ඇත්තේ අතිශය මායාමය විස්තරයන්.මේ අතර ග්‍රීක  මිත්‍යා විශ්වාස අනුව ලෝකාරම්භය පිළිබඳ කතාව සිත්ගන්නා කල්පිතයක්. ආරම්භයේදී විශ්වයේම පැවැතියේ හිස් බවක්. දීර්ඝ කාලයකට පසු පුද්ගල ස්‌වභාව තුනක්‌ .මෙහි පහළ වුනා.ගීයා නමින් හැඳින්වූයේ පෘතිවි කත., ඊරෝස්‌ දිව්‍යමය ඥනය විය, ටාටර්ස්‌ පාතාල ලෝකයේ අධිපති වුනා. ගියා දෙවඟන පුරුෂයකුගේ පහස නොලබා, යුරේනස්‌ නමැති පුරුෂ දෙවියා මෙලොවට ජනිත කළා. පසුව ගීයා තමන්ම මැවූ යුරේනස්‌ දෙවියා තමන්ගේ සැමියා බවට පත්කර ගත්තා.මෙම යුවළ එකතුව මහ පොළව මත ගංගා, ඇළ දොළ සාගර, කඳු හෙල් ආදී සියල්ලම නිර්මාණය කළා. එම නිර්මාණ අවසන යුරේනස්‌ අහස් තලයේ අධිපති වූවා.

ගීයා - යුරේනස්‌ යුවලට දරුවන් සය දෙනකු උපන්නා. ඔවුන් සියලු දෙනා යෝධයන්. එයින් තිදෙනකු අත් සියයකින් සහ හිස්‌ පනහකින් යුක්‌ත වූ අය වූහ. අනෙක්‌ යෝධයන් තිදෙනා එකැස්‌ යෝධයන් .

අති දක්‌ෂ නිර්මාණ ශිල්පීන් වූ මෙම එකැස්‌ යෝධයන් තිදෙනා ග්‍රීසියේ උතුරු දිග පිහිටි ඉතාමත් උස ඔලිම්පස්‌ කඳු මුදුන මත,දේව මාළිගා නිමවූවා. ඔවුහු එම දේව මාලිගා තුළ දෙවි දේවිතාවියන්ගේ දේව පිළිම රන් රිදී වලින්නිර්මාණය කළා. මේ විචිත්‍ර වත් ඔලිම්පස් කන්ද මුදුනේ වළාකුළු සහ තාරකා පංති අතර සියලු බලයෙන් සපිරුණ දෙව්වරුන් වැඩ වාසය කරන බවට ග්‍රික වැසියන් විශ්වාස කළා

යෝධයන් වූ තම දරුවන් සයදෙනා ගැන අහසේ පාලකයා වූ යුරේනස්‌ නිතරම සිටියේ භීතියෙන්. කිසියම් දිනක ඔවුන් තමන්ට එරෙහිව බලය ලබා ගනු ඇතැයි යුරේනස් විශ්වාස කළා.
තම  ආධිපත්‍ය නැතිවීමට ප්‍රථම තම දරු සයදෙනා විනාශ කළ යුතු යෑයි යුරේනස්‌ නිතරම සිතුවිල්ලේ පසුවුනා. ‌ දිනක් හෙතෙම තම දරු සය දෙන තම අත්ලට ගෙන ඉතාමත් තදින් පොළව මතට දමා ගැසුවේලු. මෙම දරුවන් සය දෙනා වැටුනේ ටාටරස්‌ අධිපතිත්වය දැරූ පාතාල ලෝකයට.
තම දරුවන් සය දෙනාට කිසිම විටක පොළව මතට පැමිණීමට ඉඩ නොදෙන ලෙස යුරේනස්‌, ටාටර්ගෙන් ඉල්ලීමක්‌ කළා

තම දරුවන්ට යුරේනස්‌ සිදුකළ විපත පිළිබඳව ඔවුන්ගේ මව වූ ගීයා අතිශය ශෝකයට පත්වුනා. පසුව ගීයා හා , යුරේනස්‌ට  දරුවන් දහතුන් දෙනකු ගේ මවු පියන් බවට පත්වුනා. ඔවුන් හැඳින්වූයේ ටයිටන්වරුන් යනුවෙන්. මොවුන් දහතුන් දෙනාගෙන් බාලයා හැඳින්වූයේ ක්‍රෝනස්‌ . ක්‍රෝනස් ඉතා නිර්භීත අභියෝගාත්මක මෙන්ම යුරේනස්‌ මෙන්ම කෲර අදහස්‌ ද ඇත්තෙක්.
ක්‍රෝනස්‌ වයසින් වැඩෙත්ම, ගීයා යුරේනස් සිදුකළ කෲර ක්‍රියාව ඔහුට විස්‌තර කළා. පියාගෙන් පළිගෙන පාතාලයට ගොස්‌ සිය සහෝදරයින් සය දෙනා මුදාගෙන එන ලෙස ඇය ක්‍රෝනස්‌ගෙන් ඉල්ලා සිටියා. ගීයා, ක්‍රෝනස්‌ට ඔහුගේ ජයග්‍රහණයේ ආයුධය ලෙස ගලින් තැනූ දැකැත්තක්‌ ලබා දුන්නා.
නමුත් ක්‍රෝනස්‌ ගේ අරමුණ වූහේ මවගේද සහය ගෙන තම පියාවූ  යුරේනස්‌ විනාශ කර ගුවනේ අධිපතිකම ලබා ගැනීම.

මධ්‍යම රාත්‍රියේ යුරේනස්‌ මුහුදු වෙරළකට වී සුවදායක නින්දක ගැලී සිටින විට ක්‍රෝනස්‌, ගලින් නිර්මිත දැකැත්ත භාවිතකර යුරේනස්‌ගේ ලිංගේන්ද්‍රය කපා මුහුදට විසිකර දැමුවේලු. මුහුදට විසි කරන ලද අංගයන්  මුහුදේ සුදු පෙන නගමින් පාවුනා.

ආදරයට ලිංගිකත්වයට මෙන්ම විශ්වයේ සිටින සියලුම සත්වයන්ගේ පැවැත්මට අධිපති ඇප්‍රොඩයිට්‌ වීනස්‌ දෙවඟන උපන්නේ ක්‍රෝනස්‌ මුහුදට විසිකළ යුරේනස්‌ගේ ලිංගේන්ද්‍රයෙන් විසිරැණ මුහුදු පෙණ වලින් බව ග්‍රීකයන්ගේ විශ්වාසය වුනා.

මෙසේ සයුරින් උපත ලැබූ ඇය සයිප්රස් වෙරළට ළඟාවූනා.එහි හෝරේවරුන් විසින් ඇය පිළිගනු ලැබුවා.සුන්දරව සරසා දේව සභාවට කැඳවාගෙන ගියාලු ල

මේ වීනස් දෙවඟන එදා මෙදා තුර කලාකරැවන්ගේ නිර්මාණ සඳහා වස්තු විෂය වුනා. වීනස් ගේ උපත දැක්වෙන සිතුවම් අතර මා වඩාත් ප්‍රිය කරන්නේ බොටිශෙලි ගේ සිතුවමට. ඉතාලි චිත්‍ර ශිල්පියෙකු වන සැන්ඩ්‍රෝ බොටිසෙලි 1480 ගණන්වල මැද භාගයේදී මෙය අඳින ලද්දක් , මෙම සිතුවම ඇත්තේ ඉතාලියේ ෆ්ලෝරන්ස් හි උෆිසි ගැලරියේ .

සමුදුරැ පෙණ මත අලුත උපන් සිකුරු දේවතාවිය යෝධ මුතු බෙල්ලෙකු මත නිරුවතින් සිටියි. .ඇගේ වම් පසින් මාරැතයේ දෙවියා වන ෂෙපර් ඇයට සුළං පිඹිමින් වෙරළ දෙස‍ට පා කරයි. ඔහු සමඟ මඳ සුළගේ දෙවඟන "ඕරා" ද මද සුළං පිඹින්නීය. ඔවුන්ගේ ප්‍රයත්නයන් වන්නේ සිකුරු දෙවඟන වෙරළ දෙසට පා කර යැවීමයි.. විනස් ගේ කෙස් කළඹ සුළගට හසුව ලෙලදෙන අයුරැ බලන්න

දකුණු පසින් බිමට මදක් ඉහළින් සිටින රැව කවුද?.ඇගේ ඇඳුමේ මල් සැරසිලි වලින් ඇඟවෙන්නේ ඇය හෝරා  හෙවත් වසන්ත ඍතුව බවයි.වෙරළට ළඟා වන විට සිකුරැ දෙවගන ආවරණය කිරීමට අලංකාර මලින් පිරි සළුවක් තබාගෙන සිටියි. ඇය අවට සුළඟින් විසිරෙන වසන්තයේ මල් ය.පසුවහෝරා සිකුරුගේ සේවිකාවක් විය. ග්‍රීකයෝ සිකුරුදෙවඟනගේ  භූමි ප්‍රදේශය ලෙස සලකනු ලබන්නේ මේ ඇය පාව ආ මධ්‍යධරණි දූපත්  (සයිටෙරා හෝ සයිප්‍රසය )

ඉතින් වීනස් උපත ගැන කතාව කියවලා සිතුවමත් රස විදින්න.









Comments

  1. I read Western Classics for my degree. I loved and enjoyed Greek and Roman stories very much. But I did not care to identify them as individuals. But your ලිවිසැරිය aroused my former love and has made me to read them again. Before reading them I will read your writing again and make certain notes to refer. Thank you so much for the writings and for the beautiful pictures which you attach.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ග්‍රීක මිත්‍යා කතාන්දර රස විඳිමු -ආටිමිස් ගේ පළි ගැනිම- ඇඩොනීස් ගේ මරණය