ර්‍ග්‍රක මිත්‍යා කතාන්දර රස විඳිමු
කතා සැරිය 02
ඹලිම්පස් කන්දේ සියුස් හෙවත් ග්‍රීසියේ මහා
දෙවියා
කළින්
කථාන්දරයේ දී මා ඔබට පැවසුවා යුරේනස් ගේ පුත්‍රයා ක්‍රොනෝස් ගැන.තම පියා මරා දැමූ ක්‍රෝනස්
අහසට අධිපතිව සිටියා.ඔහුගේ බිරිඳ වූයේ රියා. තම දරුවන් ද තම පියාට කළ ලෙසම තමන්වද
පරදා සිහසුන ලබා ගනු ඇතැයි යන බියෙන් ක්‍රොනෝස් පසු වුනා.ඹවුන් අමරණීය බැවින් මරා
දැමීමද කළ නොහැකියි.එනිසා ක්‍රොනස් තීරණය කළේ තමාට දාව ඉපදෙන දරුවන් ගිල දැමීමට. එබැවින් රියාට දරුවෙකු ලැබෙන
සෑම අවස්ථාවකම ඇය එය පෙන්වීමට ක්‍රොනස් වෙත ගෙන ආ යුතු වුනා., ඔහු මුළු දරුවාම ගිල
දැමුවා.. ක්‍රොනස්. මේ අයුරින් හෙස්ටියා, ඩිමීටර්, හේරා, හේඩීස් සහ පොසයිඩොන් යන දරුවන් සියල්ලන්ම ඉපදුන
වහාම ගිල දැමුවා.රියා අවසානයේ බිහිකළේ සියුස් . ඹහුගේ උපත සියල්ල වෙනස් කළා.
රියා අලුත උපන් බිළිඳාව ක්‍රොනස් වෙත ඉදිරිපත් කළේ
නෑ. ඔහු දරුවා රැගෙන ගිල දමන බව රියා දැන
සිටියා. රියා ඒ වෙනුවට බ්ලැන්කට්ටුවක ගලක් ඔතා ක්‍රොනස් වෙත ඉදිරිපත් කිරීමට තීරණය
කළා. ක්‍රොනස්ට මේ ගල් දරුවා ඉදිරිපත් කළ වහාම එය රැගෙන අනුභව කළා.
රියා සියුස් ව
ආරක්ෂා කර ක්‍රෙට් දූපතේ කඳුකරයේ විසූ නිම්ප්ස් දෙවඟනන්ට ලබා දුන්නා. සියුස්ව කඳුකරයේ
සඟවා තැබුවා. තවත් කථාවක කියවෙන්නේ සියුස් කඳුකරයේ එළුවන් සමඟ වැඩුණු බවයි.වැඩිවියට
පත් සියුස්ට තම සොයුරු සොයුරියන් පිළිබඳ කථාව රියා විසින් පැවසූවා. සිය මිත්තණිය
වූ ගියා ගේද සහය සියුස්ට ලැබුණා. ඔවුන් අමරණීය බැවින් ක්‍රොනෝස්ගේ කුස ඇතුළත ඔවුන්
මිය ගොස් සිටියේ නැහැ.. නමුත් ඔවුන් පිටතට ගැනීමට ඇති එකම ක්‍රමය ඔවුන්ව ක්‍රෝනොස්
ගේ මුවින් වමනය කරවීමයි. මෙය උපක්‍රමශිලිව කළයුතු වූවා .
සියුස් වයසින්
මුහුකුරා ගිය විට ඔහු ක්‍රොනොස්ගේ කුසලාන දරන්නා බවට පත් වුනා. ඔහු තම පියාගේ
වයින්වලට විශේෂ වමන කාරක පොහොට්ටුවක් දැමූ අතර එය පානය කළ ක්‍රොනොස් තම දරුවන් සියළු
දෙනා වමනය කරා. ඔහු සියුස් යැයි සිතා ගිල දැමූ ගලද වමනය කළා.
ඉන්පසු සියුස් තම සහෝදර සහෝදරියන් ක්‍රොනොස් සහ
ටයිටන්වරුන්ට එරෙහිව මෙහෙයවා සටනට ගෙන ගියා. ඔහුගේ සහෝදර සහෝදරියන්ගේ නැවත ඉපදීමත්
සමඟ කලක් බාලයා වූ සියුස් වැඩිමහලා වුනා.
අවසානයේ සියුස්
විසින් ක්‍රොෙනාස් පරාජය කරනවා.ක්‍රෝනුස් පරාජය කර දමා ඹලිම්පස් කන්ද මුදුනේ ඇති දිව්‍ය ලෝකයේ
පූර්ණ බලය ග්‍රහණයට ගත් පුද්ගලයා සීයුස් ය.
මේ පැරණි ටයිටන්
වරැන්ට එරෙහි සියුස්ගේ යුද්ධය වසර දහයක් පැවතිලා.
ග්‍රීක
පුරාවෘත්තවලට අනුව ජයග්‍රහනය ලද සියුස් ඹලිම්පස්
කන්දේ ප්‍රධාන පාලක දෙවියන් බවට පත්වෙනවා. ඔහු.හරියටම අපේ සක්දෙවියන් වගේ.රෝම වරු
ඔහු ජුපිටර් ලෙස හඳුන්වනවා.
ඔලිම්පියන්
දෙවිවරුන්ගේ රජු ලෙස කිරැළ දරන්නේ ඹහු.අකුණු සරයනට අධිපති යනුවෙන් හඳුන්වන ඹහු බලය
යුක්තිය පසිඳලූ අතර දඬුවම් සම්බන්ධයෙන් ඉතා දැඩි වුනා. පුරාණ ග්‍රීක
පුරාවෘත්තවල සියුස් යනු අහසේ දෙවියා ය. ප්‍රධාන ග්‍රීක දේවතාවා ලෙස සියුස් සියලු
දෙවිවරුන්ගේ හා මිනිසුන්ගේ පාලකයා,
ආරක්ෂකයා සහ
පියා ලෙස සැලකේ. මොහු දොළොස්මහා දිව්‍ය මණ්ඩලයේ රජු ලෙස සැලකේ .සියුස් බොහෝ විට
රැවුලක් ඇති වයසක මිනිසෙකු ලෙස නිරූපණය කර ඇති අතර අකුණු සැර සහ රාජාලියා යන සංකේත මගින් නිරූපණය වුනා.
සියුස්ගේ
බිරිඳ බවට පත්වන්නේ ඹහුගේ ම සොයුරිය හේරා යි..
ඹපිම්පස්
කන්දේ ග්‍රීක දේව සභාවේ ප්‍රධාන දෙවි වරු දොලොස් දෙනෙක් ගැන කියවෙනවා.
දෙවිවරු ගැන
තියෙන ග්‍රීක පුරාවෘත්ත හරිම රසවත්. ග්‍රීක දෙවිවරු සාමන්‍ය මිනිසුන් හා
සමානයි.ඔලිම්පස් කන්දේ දේව මන්දිරයේ සිටි ඔවුන් අවශ්‍ය අවස්ථාවල පොළවට පැමිණෙනවා.
මිනිසුන් ගේ යහපත් අයහපත් ගතිගුණ දෙවියන් තුළත් එලෙසම දක්වා තියෙනවා.ග්‍රීක කලා
නිර්මාණවලද දෙවියන් දක්වන්නේ සාමාන්‍ය මිනිස් ස්වරූපයෙන්.
මේ පින්තූර
වලින් ඹලිම්පස් කන්ද, සිසුස් හා හේරා ,හේරා දේවස්ථානය දක්වනවා. මේ දෙවිවරුන්
වෙනුවෙන් ග්‍රීසිය පුරාම දේවස්ථාන ඉදි කර තිබුණා.අදටත් එහි නටඹුන් දකින්නට
තියෙනවා.
මේ දෙවි
දේවතාවන් වඩා ප්‍රසිද්ධවන්නේ ග්‍රික මූර්ති කලා නිර්මාණ වලින්.මිත්‍යා කථා වලින්
නිරූපිත දේව මානව මානවිකාවන්ගේ පරමාදර්ශී වූ අපරිමිත ශාරීරික සුන්දරත්වය මූර්තිවලින් නිරූපණය කළ ග්‍රීක මූර්ති කරැවන් දෙවියන්ට වඩා දක්ෂයින්
නොවෙයිද?
අදට
ඇති..ඉතිරි කතා ඉක්මනින්ම ගෙන එන්නම්

Comments
Post a Comment